තායිලන්තය සහ කාම්බෝජය අතර දරුණු සටන්!

Date:

රෂිකා හෙන්නායක ජූලි 25, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

තායිලන්ත-කාම්බෝජ ගැටුම් හේතුවෙන් 100,000 ක් ජනතාව තායි දේශසීමාවේ ආරක්ෂිත ස්ථාන වෙත යොමු කෙරෙන බව වාර්තා වේ.

තායිලන්තයේ ක්‍රීඩා ශාලාවක ප්ලාස්ටික් පැදුරු මත ගුලි වී සිටින මංමුලා සහගත වූ මොවුන් , තායිලන්තය සහ කාම්බෝජය අතර දරුණු සටන් උත්සන්න වී ඇති බැවින්, ගිගුම් දෙන කාලතුවක්කු බෝම්බ ප්‍රහාරවලින් මිදී පලා යන බව පවසයි.

අසල්වැසි රටවල් අතර දශකයකට වැඩි කාලයක් තුළ ඇති වූ දරුණුතම සටන් හේතුවෙන් අද (25) වන විට තායි දේශසීමා පළාත් හතරක් හරහා 100,000 කට අධික පිරිසකට තම නිවෙස්වලින් ඉවත් වීමට සිදුව ඇත.

බ්‍රහස්පතින්දා කාලතුවක්කු වෙඩි දෝංකාර දෙන විට, ඊසානදිග සුරින් පළාතේ දහස් ගණනක් තම නිවාස අතහැර නගර මධ්‍යයේ ස්ථාපිත කර ඇති තාවකාලික නවාතැන් සඳහා ගියබව විදෙස් මාධ්‍ය පවසයි.

සුරින්ද්‍ර රාජභාත් විශ්ව විද්‍යාලයේ ක්‍රීඩා ශාලාවට 3,000 කට ආසන්න පිරිසක් රැස්ව සිටි අතර, වර්ණවත් බ්ලැන්කට් වලින් ආවරණය වූ ප්ලාස්ටික් පැදුරු පේළි මත ඔවුන් වැතිර සිටියහ.

“අපේ නිවස, අපේ සතුන් සහ අපි වෙහෙස මහන්සි වී වැඩ කළ භෝග ගැන මම කනස්සල්ලට පත්ව සිටිමි,” 37 හැවිරිදි තිදරත් හොම්හුආන් AFP ප්‍රවෘත්ති ඒජන්සියට පැවසීය. ඇය පවුලේ සාමාජිකයන් නව දෙනෙකු සමඟ ඉවත් වූ අතර, ඒ අතර ඇගේ 87 හැවිරිදි ආච්චි ද සිටියාය. ඇය රෝහලෙන් නිදහස් කර තිබුණි.

“ඒ කනස්සල්ල තවමත් තිබෙනවා. නමුත් අපි දැන් අවදානම් කලාපයෙන් බොහෝ දුරින් සිටින නිසා මෙහි සිටීම ආරක්ෂිත බවක් දැනෙනවා. අඩුම තරමින් අපි ආරක්ෂිතයි,” ඇය පැවසුවාය.

තිඩාරත් ප්‍රාදේශීය පාසලක ළදරුවන් බලා සිටියදී, සිද්ධිය විස්තර කළ ඇය “මැෂින් තුවක්කු වෙඩි තැබීමක් වැනි දෙයක්” ඇසූ අතර, පසුව දැඩි කාලතුවක්කු හඬක් ඇසුණි.”ඒක අවුල් සහගතයි. ළමයි බය වෙලා හිටියා. මම පාසලේ බංකරයට දිව්වා,” ඇය පැවසුවාය.

නවාතැන ඇතුළතදී, ජිම් එකේ උස් සිවිලිමට යටින් එකිනෙකා සමඟ එකට නිදා ගත් අතර, විදුලි පංකා හූ හඬින් සහ අවිනිශ්චිතතාවයේ නිහඬ කෙඳිරිලිවලින් පිරී තිබූ එකක් වූ බවත් ,නමුත් ත්නිකම යම්දුරකට පහවූ බව ඔවුන් පවසති.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාතරින් ජාතික කණ්ඩායමට ආ රශ්මිකා මාතර හොඳම ක්‍රීඩිකාව වෙයි

නිශ්මං රණසිංහ ජූලි 26, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ...

හැත්තෑව දශකයේ දී ග්‍රහණය කරගත් පැරණි ඡායාරූප එකතුවක්!

සටහන – පුලී ජූලි 26, කොළඹ (LNW): 70 දශකයේ පැරණි...

වසර දහ අටක් කෑ දීගයක ආනන්දය

නිශ්මං රණසිංහ ජූලි 26, කොළඹ LNW: වසර 18 ක සම්බන්ධයක්...

වෙනස් වන ලෝකයත් සමග හැඩගැසිය හැකි පරපුරක් නිර්මාණය කළ යුතුයි – අග්‍රාමාත්‍ය හරිනි

රෂිකා හෙන්නායක ජූලි 26, කොළඹ LNW: රත්නපුර සීවලී මධ්‍ය විද්‍යාලයේ...