සටහන – පුලී
ජූලි 26, කොළඹ (LNW): Prix Versailles යනු ලොව හොඳම ගෘහ නිර්මාණ ශිල්පය සහ අභ්‍යන්තර මෝස්තර සහිත ගොඩනැගිලි සඳහා යුනෙස්කෝව විසින් පිරිනමන සම්මානයක් වන අතර මෙවර එය ලස්සනම ගුවන් තොටුපළ පර්යන්තය සඳහා ද වර්ගීකරණයට ලක් කර තිබේ.
පර්යන්ත හයක් මේ වන විට නාමයෝජනා අතර වේ. අවසාන ජයග්‍රාහකයා සම්මාන කමිටුව විසින් 2025 දෙසැම්බර් මාසයේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
නම් කර ඇති ගුවන් තොටුපළ පර්යන්ත හයෙන් තුනකට වසර අවසානයේදී ඇගයීම් ලැබෙනු ඇත.
ගුවන් තොටුපලවල සපයා ඇති පහසුකම් සහ ඔවුන් පදනම් වී ඇති ස්ථානයේ සංස්කෘතියට වාස්තු විද්‍යාත්මක වැදගත්කම අනුව ජයග්‍රාහකයින් විනිශ්චය කරනු ඇත.
පහත දැක්වෙන්නේ දැනට පවතින අලංකාරවත් ගුවන්තොටුපළ පර්යන්තයන් කිහිපයකි.

Yantai Penglai International Airport, Terminal 2 (YNT/ZSYT)

Marseille Provence Airport, Terminal 1 (MRS/LFML)

Roland Garros Airport, Arrivals Terminal (RUN/FMEE)

Kansai International Airport, Terminal 1 (KIX/RJBB)

Portland International Airport, Main Terminal (PDX/KPDX)
