විශිෂ්ට දරුවන් ඇගයීම අද (27) නැගෙනහිරදී…

Date:

රෂිකා හෙන්නායක ජූලි 27, කොළඹ LNW :

මඩකලපුව, ස්වාමි විපුලානන්ද සෞන්දර්ය පීඨයේදී අද (27) දින ජනාධිපති අරමුදලෙන් ක්‍රියාත්මක කරන 2023/2024 අ.පො.ස උසස් පෙළ විභාගයේදි දිස්ත්‍රික් මට්ටමින් ඉහළ දක්ෂතා දැක් වූ විශිෂ්ටයන් ඇගයීමේ නැගෙනහිර පළාත් වැඩසටහන පැවැත්වෙන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. එම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වන්නේ කතානායක ජගත් වික්‍රමරත්න මහතා බව සඳහන් වේ.

2023/2024 අ.පො.ස උසස් පෙළ විභාගයේදී සෑම විෂය ධාරාවකින්ම විශිෂ්ටතා දැක් වූ සිසුන් එක් දිස්ත්‍රික්කයකින් 60 දෙනකු බැගින් තෝරා ගෙන ඔවුන්ට මූල්‍ය ශිෂ්‍යත්ව සහ සහතික පත් ප්‍රදානය කිරීම මෙම වැඩසටහන යටතේ සිදු කෙරෙන අතර, පළාත් අනුව ක්‍රියාත්මක වන මෙම වැඩසටහන පසුගියදා ආරම්භ කෙරුණේ උතුරු පළාතේදියි.

ඒ අනුව, පළමු වැඩසටහන කිළිනොච්චියේදීත්, දෙවන වැඩසටහන දකුණු පළාත කේන්ද්‍ර කර ගනිමින් මාතර දිස්ත්‍රික්කයේත් ක්‍රියාත්මක වූ අතර, උසස් පෙළ විශිෂ්ටයන් ඇගයීමේ තුන්වන වැඩසටහන අද නැගෙනහිර පළාත කේන්ද්‍ර කර ගනිමින් සිදු කෙරෙන අතර, අම්පාර, මඩකලපුව හා ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවල උසස් පෙළ විශිෂ්ටයෝ 360 දෙනකු එහිදී ඇගයීමට ලක් කිරීමට නියමිතව තිබෙන බව පැවසේ.

ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, ඉදිරියේදී අනෙකුත් පළාත්වලද මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට ජනාධිපති අරමුදල කටයුතු සූදානම් කරමින් සිටින බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හේලීස් අනුබද්ධ ඩිප්ඩ් ප්‍රොඩක්ට්ස් වෙතින් ගංවතුර සහන සඳහා ආරක්ෂක අමාත්‍යාංශයට අත්වැසුම් 50,000ක පරිත්‍යාගයක් !

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අත් ආරක්ෂණ විසඳුම් නිෂ්පාදකයෙකු වන ඩිප්ඩ්...

සැලකිලිමත් වන්න – තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් !

සටහන - රුවන් නෙළුගොල්ල නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහයේ බලපෑම හේතුවෙන්...

ආපදා වන්දි ලබා දීමේ ප්‍රගතිය මෙන්න. දිස්ත්‍රික් ලේකම්වරු සහ ජනාධිපති අතර විශේෂ සාකච්ජාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණ තත්ත්වය මත ඇතිවූ ආපදා තත්ත්වයෙන්...

දකුණු බ්‍රසීලයේ ගුවයිබා නගරයේ දැඩි සුළං හේතුවෙන් Liberty replica ප්‍රතිමාවේ අනුරුවක් කඩා වැටේ!

සටහන – පුලී දෙසැම්බර් 16, කොළඹ (LNW):   දකුණු බ්‍රසීලයේ ගුවයිබා...