පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමිගෙන් ඉල්ලීමක්!

ශ්‍රී ලංකාව ඓතිහාසික වශයෙන් දායදය ලත් ථේරවාද බෞද්ධ රටක් ලෙස,තායිලන්තය සහ කාම්බෝජය අතර හටගෙන ඇති පවතින ගැටලුකාරී තත්ත්වය සාමකාමීව විසඳාගැනීම සඳහා අතරමැදියෙකු ලෙස මෙරට රාජ්‍ය නායකයා වන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට පූර්ණ අයිතියක් තිබෙන බව පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් පවසයි.

පූජ්‍ය ඕමල්පේ සෝභිත හිම ඒ පිලිබඳ වැඩිදුරටත් පැවසූවේ,

“බෞද්ධ රටවල් දෙකක් හැටියට කරුණාකරලා පාරම්පරිකව අවුරුදු දහස් ගණනාවක් තිස්සේ තමන් ලද උරුමයට මුල් තැන දීලා බෞද්ධ ක්‍රමයට මේ ප්‍රශ්නය විසඳගන්න ඉදිරිපත් වෙන්න. කරුණාකරලා ඒ සම්බන්ධයෙන් අවධානය යොමුකරන්න කියලා අපි තායිලන්තයේ සහ කාම්බෝජයේ බලධාරීන්ට කරුණාවෙන් මතක් කිරීම සඳහා වූ යෝජනාව සඳහා අද පාලක මහා සංඝ සභාවේ සම්මත වුණේ. 

ශ්‍රී ලංකාව කියන්නේ ඓතිහාසික වශයෙන්ම දායදය ලත් ථේරවාද බෞද්ධ රටක් හැටියට අපේ රාජ්‍ය නායකයාට පූර්ණ අයිතියක් තියෙනවා මේ සිද්ධියට අතරමැදියෙකු සේ සම්බන්ධ වෙන්න. සාම නියෝජිතයෙකු හැටියට සම්බන්ධ වෙන්න. ඒ සඳහා ශ්‍රී ලංකා වාසී සියලුම බෞද්ධ පිංවතුන් අබෞද්ධ පිංවතුන් විශේෂයෙන්ම භික්ෂූන්වහන්සේලා පෙරමුණු කොට ගෙන අදාළ බලධාරීන් හමුවී මේක ගැන සාකච්ඡා කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.”

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...

ත්‍රීරෝද රථයකට පොලීසියෙන් වෙඩි. බාලවයස්කරුවකුට බරපතළ තුවාල !

සටහන - රුවන් නෙළුගොල්ල කඩවත - ගෝනහේන මාර්ගයේ මහකඩේ හන්දිය...