නවකවදයේ අතුරු ප්‍රථිඵල:සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුවෙකු මිය යාමේ සිද්ධියේ කමිටු කමිටු වාර්තාව උපකුලපතිවරයාට!

Date:

රෂිකා හෙන්නායක ජූලි 27, කොළඹ LNW :

සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුවෙකු නවකවද සිදුවීමක් මුල් කරගනිමින් මියයාම සම්බන්ධයෙන් සෙවීමට පත් කළ පංච පුද්ගල කමිටු වාර්තාව, එහි උපකුලපතිවරයාට භාර දී ඇති බව වාර්තා වේ.

එම වාර්තාව ඉදිරි සතියේ පාලක සභාවට භාර දීමට කටයුතු කරන බව, සබරගමුව විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය සුනිල් ශාන්ත මහතා සඳහන් කළේය.

පසුව, පාලක සභාව මගින් තාක්ෂණික පීඨ සිසුවාගේ මරණය සම්බන්ධයෙන් කරුණු අනාවරණය කරනු ඇතැයි, ඔහු සඳහන් කළේ ය. අදාළ සිදුවීම සම්බන්ධයෙන් සිසුන්ගෙන් ප්‍රකාශ 70ක් පමණ ලබාගෙන ඇතැයි, කමිටු සාමාජිකයෙකු කියා සිටි අතර, ඔවුන්ගෙන් පැය 150කට වැඩි කාලයක් සාක්ෂි සටහන් කරගෙන තිබේ.

තවද, වාචික සහ ලිඛිත සාක්ෂි, වීඩියෝ, ඡායාරූප මෙන්ම සමාජ මාධ්‍ය වීඩියෝ හරහා ද ඊට අදාළ සාක්ෂි රැස්කර ඇති බව පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මධ්‍යම පළාතේ පාසල් ගැන විශේෂ පරීක්ෂාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණය සමඟ ඇතිවූ 'දිට්වා' සුළි කුණාටුව...

සී.බී. ඇප මත නිදහස්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම...

යුදෙව් ඕස්ට්‍රේලියානුවන්ට පහරදිම සෑම ඕස්ට්‍රේලියානුවෙකුටම පහරදීමක් – James Larsen

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉකුත් දා ...

විවේචනයද ? අපහාසයද?

උපාලි කොළඹගේ කොළඹ LNW: ජනාධිපති අනුර කුමාර දිසානායකට ඉතාමත් පහත්...