නවකවදයේ අතුරු ප්‍රථිඵල:සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුවෙකු මිය යාමේ සිද්ධියේ කමිටු කමිටු වාර්තාව උපකුලපතිවරයාට!

රෂිකා හෙන්නායක ජූලි 27, කොළඹ LNW :

සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුවෙකු නවකවද සිදුවීමක් මුල් කරගනිමින් මියයාම සම්බන්ධයෙන් සෙවීමට පත් කළ පංච පුද්ගල කමිටු වාර්තාව, එහි උපකුලපතිවරයාට භාර දී ඇති බව වාර්තා වේ.

එම වාර්තාව ඉදිරි සතියේ පාලක සභාවට භාර දීමට කටයුතු කරන බව, සබරගමුව විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය සුනිල් ශාන්ත මහතා සඳහන් කළේය.

පසුව, පාලක සභාව මගින් තාක්ෂණික පීඨ සිසුවාගේ මරණය සම්බන්ධයෙන් කරුණු අනාවරණය කරනු ඇතැයි, ඔහු සඳහන් කළේ ය. අදාළ සිදුවීම සම්බන්ධයෙන් සිසුන්ගෙන් ප්‍රකාශ 70ක් පමණ ලබාගෙන ඇතැයි, කමිටු සාමාජිකයෙකු කියා සිටි අතර, ඔවුන්ගෙන් පැය 150කට වැඩි කාලයක් සාක්ෂි සටහන් කරගෙන තිබේ.

තවද, වාචික සහ ලිඛිත සාක්ෂි, වීඩියෝ, ඡායාරූප මෙන්ම සමාජ මාධ්‍ය වීඩියෝ හරහා ද ඊට අදාළ සාක්ෂි රැස්කර ඇති බව පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ නව හෘද රෝග ඒකක ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ!

කොළඹ LNW:නැගෙනහිර පළාතේ ජනතාවට එකම ස්ථානයකින් පුළුල් සහ නවීන...