මත්ද්‍රව්‍ය සාදයක් වටලා තරුණයින් 21ක් අත්අඩංගුවට!

0
609

රෂිකා හෙන්නායක ජූලි 27, කොළඹ LNW :

කඩුවෙල, වැලිවිට ප්‍රදේශයේදී , මුහුණු පොත ඔස්සේ පැවැත්වූ මත්ද්‍රව්‍ය සාදයක් වැටලීමෙන් තරුණයින් 21දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන ඒ, කඩුවෙල පොලිසිය වෙත ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදීයි. සැකකරුවන් සන්තකයේ තිබී තීරු බදු රහිතව මෙරට ආනයනය කරන ලද දුම් වැටි සහ මත් පෙති පොලිස් භාරයට ගෙන තිබෙන බවද

කඩුවෙල පොලිසිය පැවසුවේ, අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 22ත් 27ත් අතර පසුවන කොළඹ අවට සහ දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි.

අද දිනයේ, අත්අඩංගුවට ගත් සැකකරුවන් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව වැඩිදුරටත් වාර්තා වේ.