ඉන්දියාවේ හින්දු කෝවිලක තෙරපීමක් හේතුවෙන් හය දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි

ජුලි 27; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): උතුරු ඉන්දියාවේ උත්තරාකන්ඩ් ප්‍රාන්තයේ ජනප්‍රිය හින්දු කෝවිලක් වන හරිද්වාර් නගරයේ මන්සා දේවි කෝවිලේ බැතිමතුන් අතර හදිසි තෙරපීමක් හේතුවෙන් හය දෙනෙකු ජිවිතක්ෂයට පත්ව 35 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.

තෙරපීමට හේතු වී ඇත්තේ අධි වෝල්ටීයතා විදුලි රැහැනක් පන්සල් මාර්ගයකට වැටීමෙන් පසුව බැතිමතුන් විශාල පිරිසක් අතර භීතියක් ඇතිවීමයි.

මේ සම්බන්ධයෙන් ඇසින් දුටුවන් සඳහන් කර තිබුණේ, වයරය වැටෙන ආකාරය දැකීමෙන් ක්ෂණික භීතියක් ඇති වූ අතර, පැන යාමට පොරබැදීමක් හේතුවෙන් තෙරපීම ඇති වූ බවයි.

මේ සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් සිදු කිරීමට බලධාරීන් නියෝග කර ඇති අතර මේ වන විට තත්වය සම්පුර්ණයෙන්ම සමතයකට පත් කර තිබේ,

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...