අපචාර පාරාදීසයක් වූ කැලණිය වෙදමුල්ල මහජන ක්‍රීඩාංගනයට යළි පණ පොවයි! .

කොළඹLNW:විවිධ අපචාර සඳහා පාරාදීසයක් බවට පත්ව තිබූ කැලණිය වෙදමුල්ල මහජන ක්‍රීඩාංගනය නවීකරණය කිරීම ආරම්භ කර තිබේ.

කැලණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී කමලසිරි බණ්ඩාර මහතාගේ ඉල්ලීමකට අනූව කැලණිය ප්‍රාදේශීය සභාව මෙම නවීකරණ කටයුතු සිදුකිරීම අරඹා තිබෙන අතර ක්‍රීඩා අමාත්‍යංශය මගින් ක්‍රියාත්මක ක්‍රීඩා සතියට සමගාමීව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතාගේ ප්‍රධානත්වයෙන් එම ස්ථානයේ පවිත්‍ර කිරීමේ කටයුතු ඊයේ (27) දින සිදුකර ඇත.

ළමා උද්‍යානයක්, ක්‍රිකට් පුහුණු පිරියක්, අත් පන්දු පිටියක්, දැල් පන්දු පිටියක්, නවීන ක්‍රීඩාගාරයක් සහිතව, කැලණිය ප්‍රාදේශීය සභාව මගින් ඉතා විශාල මහජන මුදලක් වියදම් කර එම ක්‍රීඩා පිටිය ඉදිකර තිබේ.

නමුත් පසුගිය සමයේ කිසිදු බලධාරියෙකුගේ අවධානය ඊට යොමු නොවීම නිසා වල්වැදී විනාශ මුඛයට යමින් තිබුණි.

මෙම නවීකරණ කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍ය උපාලි පන්නිලගේ මහතා පැවසුවේ පොදු දේපල, පෞද්ගලික දේපල හා සමානව රැකගැනීම පුරවැසියන් ලෙස අප කාගේත් වගකීම බවයි.

මෙම අවස්තාවට කැලණිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, කැලණිය ප්‍රාදේශීය සභාව, පෑලියගොඩ පොලිස් ස්ථානය යන ආයතන නියෝජනය කරමින් නිළධාරීන් ඇතුළු ප්‍රදේශවාසීහු විශාල පිරිසක් එක්ව සිටියහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද (31) දවසේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන ප්‍රදේශ මෙන්න

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 31) දිනයේදී බස්නාහිර, සබරගමුව,...

එජාපයේ ප්‍රතිසංවිධානයක්. මිලේනියල් UNP සහ Gen Z UNP නිල වශයෙන් ප්‍රකාශයට පත්කරයි

එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ප්‍රතිව්‍යුහගත කරමින් මිලේනියල් UNP සහ...

කොළඹ උද්ධමනය 8.3% දක්වා ඉහළට !

ගෙවුණු ඔක්තෝබර් මාසයේදී කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම්...

කථානායකට එරෙහි විශ්වාසභංගය සංශෝධනය නොකළ නිසා 03 වැනිදා විවාදයට ගන්නේ නෑ – ඇමති බිමල්

කථානායක ජගත් වික්‍රමරත්නට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කර ඇති...