හිටපු නාවික හමුදාපති උළුගෙතැන්න යළි රිමාන්ඩ්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

පුද්ගලයකු පැහැරගෙන ගොස් අතුරුදන් කරවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගෙතැන්න මහතා අගෝස්තු 13 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

ඒ, ඔහුව පොල්ගහවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට අද (ජුලි 30) ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ය.

ඔහු නාවික හමුදා බුද්ධි අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ සමයේ 2010 වසරේදී කෑගල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි ශාන්ත සමරවීර නමැති අයෙකු පැහැරගෙන ගොස් ත්‍රිකුණාමලය ගන්සයිඩ් කඳවුරේ නීතිවිරෝධී ලෙස රඳවා තබාගෙන සිටි සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුව ජුලි 28 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත් අඩංගුවට ගෙන තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සමාජ මාධ්‍යවලින් දරුවන් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් එයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සමාජ මාධ්‍ය වේදිකා හරහා ළමුන්ට වන හානියෙන්...

මූල්‍ය වංචා සහ සූදු ජාවාරම් මෙහෙයවූ පුද්ගලයින් සිව්දෙනෙකුට චීනය විසින් මරණ දඬුවම ක්‍රියාත්මක කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මියන්මාරය කේන්ද්‍ර කරගනිමින්...

මහජන අවශ්‍යතා මත චීන ණය ගිවිසුම ප්‍රසිද්ධ කරන ලෙස RTIC නියෝග කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, කොළඹ LNW : ශ්‍රී ලංකා රජය...

එක්සත් ජනපදය පීඩනය මැද කියුබාව ආරක්ෂක තර්ජන චෝදනා ප්‍රතික්ෂේප කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු රජය විසින්...