මම තමයි හොඳටම කළේ – විජේදාස රාජපක්ෂ

Date:

2002 වසර වනවිට රුපියල් කෝටි 12,500 කට වඩා වැඩි වත්කම් තිබු ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව රුපියල් කොටි 600 කට එවකට පැවති රජය, අරක්කු සමාගමකට විකුණා දමන ලදී.

2007, ජනවාරි මස 12 වන දින මා ඉදිරිපත් කල COPE වාර්තාව අනුව රක්ෂණ සංස්ථාව, ලංකා හොස්පිටල්ස්, වරාය ඉඩම් නැවත රජයට පවරා ගන්නා ලෙසට මා නිර්දේශ කලේ ජීවිත තර්ජන මධ්‍යයේ සහ නිවසට වෙඩි වරුසා එල්ල වෙද්දීය.

ඒවා නැවත පවරා ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරූ විට මහින්ද රාජපක්ෂ රජය ඒවා රජයට පවරා ගැනීමට එරෙහිව වසර 2ක් නඩුව කල් ඇද්දේය. එවකට ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් ඓතිහාසික තීන්දු 2 ක් මත නැවත රජයට ඒවා පවරා ගන්න ලදී. පී.බී. ජයසුන්දරට රුපියල් ලක්ෂ දෙක හමාරක වන්දියක් ගෙවීමට නියම කොට මුදල් අමාත්‍යංශ ලේකම් තනතුරෙන් නෙරපන ලද්දේ එම තීන්දු මගින්ය.

රක්ෂණ සංස්ථාව නැවත ජනතා අයිතියට ලබාදීම වෙනුවෙන්, රක්ෂණ සංස්ථාවේ සේවක මණ්ඩලය මා හට උපහාර දැක්වීම පිණිස උත්සවයක් සංවිධානය කළේය. එම දිනයේදී මා හට රක්ෂණ සංස්ථා භූමියට ඇතුළුවීම තහනම් කළේද එම රජයමයි.

අද දින රක්ෂණ සංස්ථාව රුපියල් බිලියන 73 ක් රක්ෂිතයන්ට බෝනස් ගෙවූ බව දක්වමින් 60 වන සංවත්සරය අභිමානවත්ව සමරයි.

මම රජයට සහ ජනතාවට මෙම අභිමානය ලබා දුන්නේ ජීවිත තර්ජන නොතකා මා සැලූ ලේ දහඩිය කඳුළු වලින් බව මමද අභිමානවත්ව සිහිපත් කරමි. තවද රක්ෂණ සංස්ථාවේ පැවති අරමුදලක තිබූ මුදල් යොදාගෙන ලිට්රෝ ගෑස් සමාගමද ආරම්භ කිරීමට හැකිවූයේ එම නඩු තීන්දුව නිසාය.

  • පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රජය ලබාදුන් ආදයම් ඉලක්කයට යා හැකියි – රේගු මාධ්‍ය ප්‍රකාශක

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW: අද (3) කොළඹ දී...

විවාහයෙන් දින දහයකට පසු මරු තුරුළට ගිය ලිවර්පූල් පාපන්දු ක්‍රීඩක Diogo Jota!

සටහන – පුලී ජූලි 03, කොළඹ (LNW): ලිවර්පූල් සහ පෘතුගාල...

අවධමන රැල්ලේ අවසන් මාසය

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 2025 ජූනි මාසය තුළද...

සිසු සැරිය සඳහා රජයෙන් ලබා දෙන ගාස්තුව ඉහළ නැංවීමේ සැලසුම්!.

කොළඹ LNW:පාසල් දරු දැරියන් ප්‍රවාහනය කරන සිසු සැරිය පාසල්...