සරසවි සිසුන්ගේ පා ගමනට එරෙහිව නියෝගයක් නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

Date:

විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් විසින් අද කොළඹදී පැවැත්වීමට නියමිත පා ගමන වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන්නැයි පොලීසිය සිදුකළ ඉල්ලීම අද කොළම කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

කුරුඳුවත්ත පොලීසියේ නිළධාරීන් සිදුකළ මෙම ඉල්ලීම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා හමුවේ සලකා බැලිණි.

වෝඩ් පෙදෙස විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ආශ්‍රිත ප්‍රදේශයේ මං මාවත් කිහිපයකට ඇතුළුවීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන්නැයි පොලීසිය ඉල්ලා තිබිණි. එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සඳහන් කර තිබෙන්නේ සාමකාමී ලෙස විරෝධතා දැක්වීමට අයිතිය තිබෙන බවයි. කෙසේ නමුත් පා ගමනේ නිරත වන පුද්ගලයන් නීතිය, සාමය කඩවන ආකාරයෙන් කටයුතු කරන්නේ නම් ඔවුන්ට එරෙහිව කටයුතු කිරීමේ බලය පොලීසියට හිමිවන බවද මහේස්ත්‍රාත්වරයා සඳහන් කර තිබෙනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

BREAKING NEWS : රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සභාපති ඉල්ලා අස්වෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ (COPA)...

ඇසළ පෙරහැර මංගල්‍යෙයේ තෙවන රන්දෝලි පෙරහැර අද රාත්‍රියේ දී වීදි සංචාරය කරයි!

නදීක දයා බණ්ඩාර අගෝස්තු 06, මහනුවර (LNW): ඓතිහාසික සෙංකඩගලපුර...

හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ අත්අඩංගුවට!

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන්...

විස්සයි විස්ස දළකාරයින් හැප්පෙන SLC T20 ලීග් 2025 නැරඹීම ජනතාවට නොමිළේ ඉඩ

නිශ්මං රණසිංහ අගෝස්තු 06, කොළඹ LNW: අගෝස්තු 7, 8, 10, 11,...