ජපන් ක්‍රිකට්වලට ශ්‍රී ලංකාවේ සහය

නිශ්මං රණසිංහ අගෝස්තු 02, කොළඹ LNW:


නැගෙනහිර සහ පැසිපික් ආසියානු කළාපයේ රටවල් 12 ක් අතර පැවත්වෙන නැගෙනහිර – පැසිපික් ආසියානු කළාප තරඟාවලිය සහ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීම සඳහා ජපන් ක්‍රීකට් කණ්ඩායමට ශ්‍රී ලංකා ක්‍රිකට්වල සහයෝගය ලබා දෙමින් ඇත.


නැගෙනහිර – පැසිපික් ආසියානු කළාපීය රටවල්වල ක්‍රිකට් ක්‍රීඩාව නැංවීම සඳහා අයිසීසී ය විසින් එම රටවල් සඳහා වෙනම පරිපාලන ඒකකයක් ස්ථාපිත කිරීමට තීරණය කර ඇත්තේ ශ්‍රී ලංකාව එක්දින ලෝක කුසලානය දිනා ගත් 1996 වර්ෂයේදී ය.