ධර්මෙගේ ඇඟිළි ගැහිල්ල අධාර්මික වැඩක් බව ඉන්දීය මාධ්‍ය පවසයි.

Date:

නිශ්මං රණසිංහ අගෝස්තු 02, කොළඹ LNW:

මේ මොහොතේ ක්‍රියාත්මක එංගලන්තය සහ ඉන්දියාව අතර පස්වන ටෙස්ට් තරගයේදී කුමාර ධර්මසේන තමන්ගේ අතේ ඇඟිළි පාවිච්චිය නිසා ප්‍රශ්නයක් නිර්මාණය කරගෙන තිබෙනවා.ඒ සායි සුදර්ශන් ගේ දැවී යාමක් සම්බන්ධයෙන් කළ ඉල්ලීමකට ඇඟිළිවලින් ප්‍රතිචාර දැක්වීමට යාම නිසයි.


සායි සුදර්ශන්ට ජොෂ් ටොන්ග් විසින් යෝකර් පන්දුවක් යැවූ අතර එය නිසි ලෙස තේරුම් ගැනීමට සුදර්ශන් අපොහොසත් වෙනවා.එය මතු පිටට පෙනෙන්නේ පාදයේ වදින බවක් නිසා එංගලන්ත ක්‍රීඩකයින් ඉල්ලීමක් කරනවා.ඒත් කුමාර ධර්මසේන විනිසුරුවරයා කරන්නේ සිය ඇඟිල්ලකින් තවත් ඇඟිල්ලකට තට්ටු කර එය පිත්තේ වැදුණ බව ප්‍රකාශ කිරීමක්.


මේ තත්ත්වය නිසා එංගලන්ත ක්‍රීඩකයන් නිවැරදි නැති තීරණ සමාලෝචන පද්ධතිය (DRS) හරහා ඉල්ලීමක් කිරීමෙන් වැළකී සිටිය බව ධර්මසේනට වන චෝදනාවයි.ධර්මසේනගේ හස්ත සංඥාව නිසා එංගලන්තයේ DRS අවස්ථාවක් විනාශ වීමට තිබුණ ඉඩ වැළකුණු බවයි ඉන්දීය මාධ්‍ය මඟින් ශ්‍රී ලංකා විනිසුරු ධර්මසේන පතුරු ගසමින් ප්‍රකාශ කරන්නේ.


සාමාන්‍යයෙන් විනිසුරුවරයෙක් කඩුල්ල ආවරණය කර දැවී යාමක් ඉල්ලූ විට එය කඩුල්ලෙන් පිටතට ඇදී යන බවක් හෝ පිත්තේ වැදුණ බවක් කීම කාලයක සිට අප දැක ඇති දර්ශනයක්.එහෙත් ඉන්දීය මාධ්‍ය පතුරු ගසමින් ධර්මසේනව විවේචනය කරන්නේ ඔහු ඇඟිල්ලකින් ඇඟිල්ලකට තට්ටු කර එම පන්දුව පිත්තේ වැදුණ බව ප්‍රකාශ කිරීම නිසා DRS අවස්ථාවක් එංගලන්තයට අහිමි වීම වැළක් වූ බවය.එයින් ඉන්දියාවට සිඳුවන එකම ලාභය එංගලන්තයට DRS අහිමි වීම පමණක් මිස එංගලන්තයට කඩුල්ලක් අහිමි වීම වැනි බරපතල කාරණයක් නොවන බව පැහැදිළියි.එසේම ධර්මසේනගේ තීරණය නිවැරදි බවත් ඔහු එම දුෂ්කර අවස්ථාව දර්ශනය කරගෙන ඇති බවත් පසු දර්ශනවලදී පැහැදීළි වෙනවා.
DRS අවස්ථාවක් මතුවන්නේම විනිසුරු තීරණය විශ්වාස නොකිරීමට හේතු ඇති අවස්ථාවකයි.විනිසුරු විසින් කියන දේ ප්‍රතික්ෂේප කිරීම තුළයි DRS අවස්ථාව මතුවන්නේ.මෙහිදී විනිසුරු කියන දේ කණ්ඩායමක් විශ්වාසයට ගන්නේ ඔවුන්ට ද ඔවුන්ගේ ඉල්ලීම තුළ යම් දෙගිඩියාවක් ඇති නිසයි.ඒ නිසා බොහෝ විට මේ තරගාවලියේ මේ දක්වා ලබා ඇති ප්‍රතිපල අනුව ඉන්දියාව පිටුපසින් සිටීම නිසා ඇති වන කම්පනය සහ පරාජයට හේතුවක් ලෙස විනිසුරු දක්වා අදක්ෂතාවය වසා ගැනීම ඉන්දියානුවන්ගේ අරමුණ විය හැකියි.බැරිකම හෝ පරාජයට අනේකාගේ දක්ෂකම හේතුවක් ලෙස ගන්නට බොහෝ විට ඉන්දියානුවන් අකමැති තත්ත්වයක් දකින්නට තිබෙන නිසා මේ චෝදනා එල්ල වෙනවා විය හැකියි.


කෙසේ වුවත් එංගලන්තයේ DRS අවස්ථාවක් විනාශ නොකිරීමට හවුල්වීම යන චෝදනාව මිස ඉන්දියාව ලකුණු 224 ට දැවී යාමට ධර්මසේනගේ තීරණ හේතු වූ බවක් කියවෙන්නේ නැහැ.එය වැදගත්.මේ වන විට එංගලන්තයද ලකුණු 247 ට දැවී ගොස් තරගයේ ජයග්‍රහණය දෙපිළටම විවෘතව තිබෙන නිසා සමහර විට මේ වන විට ධර්මසේන පතුරුගැසීම නැවතී තිබෙන්නට හැකියි.කෙසේ නුමුත් ධර්මසේන එය හොර රහසේ ඇඟීළි ගැසීමක් බව පෙනෙන ආකාරයට කිරීම නිසා මේ සැකය සහ චෝදනාව එල්ල වෙන්නට ඇති බවක් සිතිය හැකි නිසා ඉදිරියට ඇඟීල ගැසීම වෙනුවට හේතුව ප්‍රසිද්ධියේ කීම ගැන ධර්මසේනගේ අවධානය යොමු වෙනවානම් එය වැදගත් විය හැකියි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

භූ කම්පනයක් හේතුවෙන් ලොව විශාලතම පතල කඩා වැටේ; එක් අයෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණිඅගෝස්තු 02; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චිලියේ ඇතිවූ රික්ටර්...

ජනාධිපති ට්‍රම්ප් රුසියාවට එරෙහිව න්‍යෂ්ටික ප්‍රහාරයක් දියත් කිරීමට සුදානම් බව කියයි

සටහන: සශිකලා මධුෂාණිඅගෝස්තු 02; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාවේ හිටපු ජනාධිපති...

රේගුවෙන් ඉතිහාසගත වාර්තාවක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 02 කොළඹ LNW : රේගු දෙපාර්තමේන්තුවෙන් ...