සමාජ මාධ්‍යවල ජනපතිට අපහාස කළොත් වැඩ වරදී !

Date:

ජනාධිපතිවරයාට අපහාස වන පරිදි සමාජ ජාලා මාධ්‍යවල හෝ වෙනත් මාධ්‍යවල ප්‍රකාශ නිකුත් කිරීම සපුරා තහනම් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ට පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසනවා. එපමණක් නොව වෙනත් පුද්ගලයෙකුගේ එවැනි ප්‍රකාශ හුවමාරු කිරීමද දඬුවම් ලැබිය හැකි වරදක් බවයි ඔහු පෙන්වා දෙන්නේ.

මෙවැනි ප්‍රකාශ නිකුත් කරන හෝ එවැනි ප්‍රකාශ හුවමාරු කරන පුද්ගලයන්ට එරෙහිව නීති මගින් කටයුතු කරන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා.

ජනාධිපතිවරයාට අපහාස වන අන්දමේ ප්‍රකාශ සමාජ ජාලා මාධ්‍ය හරහා හුවමාරු කළ බවට චෝදනා කරමින් කාන්තාවක් පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත රැගෙන ගොස් ප්‍රශ්න කර තිබිණි. අදාල කාන්තාව සඳහන් කළේ වෙනත් පුද්ගලයෙකු විසින් ෆේස්බුක්හි පළකර තිබූ සටහනක් ෂෙයා කිරීම සම්බන්ධයෙන් පොලීසිය තමන්ගෙන් ප්‍රකාශ ලබාගත් බවයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුසියාවට “රුසෝෆෝබියාව” ඇති බවට පෝලන්තයෙන් චෝදනා!

රෂිකා හෙන්නායක නොවැම්බර් 19, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 'පෙර නොවූ විරූ...

චීනය නැවතත් ජපන් මුහුදු ආහාර ආනයනය තහනම් කරයි:රාජ්‍ය තාන්ත්‍රික ආරවුලක් ගිය දුරක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 19, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): දෙරට අතර රාජ්‍ය...

28 වැනි ආසියා පැසිපික් සමාජ වැඩ සමුළුව කොළඹදී!

කොළඹ LNW:ආසියා පැසිපික් සමාජ සේවක ජාත්‍යන්තර සම්මේලනය සහ සමාජ...