ජාතික ක්‍රිකට් පුහුණුකරු පුටුව තවමත් හිස් – 17 දෙනෙකු ගැන සලකා බලයි

Date:

මිකී ආතර් මහතාගේ සමු ගැනීමෙන් හිස් වූ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකාර තනතුර තවමත් හිස්ව පවතී. ඒ සඳහා සුදුසු පුද්ගලයෙකු පත් කිරීමට තවත් සති කිහිපයක් ගතවිය හැකි බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ.

මිකී ආතර් මහතාගේ වසර දෙකක කොන්ත්‍රාත් කාලය අවසන්වීමෙන් පසුව කොන්ත්‍රාත්තුව දීර්ඝ නොකිරීමට තීරණය කිරීම හේතුවෙන් තනතුර හිස් විය. සහාය පුහුණුකරුවන් ඇතුළු සෙසු කාර්ය මණ්ඩලයේ කොන්ත්‍රාත් ද දීර්ඝ නොකිරීමට තීරණය කර තිබෙනවා.

ප්‍රධාන පුහුණුකරු තනතුර සඳහා අයදුම්පත් 40 ක් පමණ ලැබී ඇති අතර ඉන් අයදුම්පත් 17 ක් සම්බන්ධයෙන් ක්‍රිකට් බළධාරීන්ගේ විශේෂ අවධානය යොමුව තිබෙනවා. ඒ අතරින් 08 දෙනෙකු පිළිබඳව සලකා බලමින් සිටින බවයි වාර්තා වන්නේ. මේ වනවිටත් 06 දෙනෙකු සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවා තිබෙනවා.

මෙම 17 දෙනා අතර ඔස්ට්‍රේලියානු පුහුණුකරුවන් 5 දෙනෙකු, ශ්‍රී ලංකා පුහුණුකරුවන් තිදෙනෙකු, දකුණු අප්‍රිකානු හා එංගලන්ත පුහුණුකරුවන් දෙදෙනා බැගින්, බටහිර ඉන්දීය කොදෙව්, නවසීලන්ත, පාකිස්තාන හා වේල්ස් පුහුණුකරුවන් එක් අයෙකු බැගින් සිටින බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකා උපදේශක පුහුණුකරු මහේල ජයවර්ධගේ ප්‍රධානත්වයෙන් යුක්ත කමිටුවක් මගින් මෙම සම්මුඛ පරීක්ෂණ පැවැත්වේ.

මේ අතර 2023 ලෝක කුසලානයට සුදුසුකම් ලබන සුපර් ලීග් එක්දින තරගාවලිය යටතේ ශ්‍රී ලංකා – සිම්බාබ්වේ තරගාවලිය ලබන 16 වනදා ආරම්භ වන අතර එම තරගාවලියට අදාලව තාවකාලික ප්‍රධාන පුහුණුකරුවෙකු පත් කෙරෙනු ඇත. බොහෝදුරට ඒ සඳහා රුමේෂ් රත්නායක මහතා පත් කරනු ඇති බවයි වාර්තා වන්නේ.

නව ප්‍රධාන පුහුණුකරුවාගේ පළමු අභියෝගය වනු ඇත්තේ පෙබරවාරි මාසයේදී ඔස්ට්‍රේලියාවේදී පැවත්වෙන තරග 05 කින් සමන්විත 20-20 තරගාවලියයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂ නායක සජිත්ගේ සම කළ නොහැකි මනුස්සකම !

එංගලන්තයේ පදිංචි ජ්‍යේෂ්ඨ ශ්‍රී ලාංකික නීතීඥවරයකු වන ජනක පීරිස්...

ශ්‍රී ලංකාව ජපානය සමඟ ගැටුමෙන් තරගාවලිය අරඹයි

නිශ්මං රණසිංහ ජනවාරි 17, කොළඹ LNW: ශ්‍රී ලංකා අවුරුදු 19...

කහ ජර්සිය සමඟ පිංතු මහනුවර සිට අනුරාධපුරයට

නිශ්මං රණසිංහ ජනවාරි 17, කොළඹ LNW: https://youtu.be/Y600dnlsI2c Lanka Ride තෙදින...

රන්වලගේ රිය අනතුර : තුවාලකරුවන්ගේ වෛද්‍ය වාර්තා තවමත් ලැබී නැතැයි පොලීසිය උසාවියට කියයි

සපුගස්කන්ද ප්‍රදේශයේදී රිය අනතුරක් සිදුකිරීම සම්බන්ධයෙන් හිටපු කථානායක, පාර්ලිමේන්තු...