නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් වෙනුවෙන් විපක්ෂය තේරීම් කාරක සභාවක් ඉල්ලයි!

Date:

කොළඹ LNW: නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කරන ලෙස කථානායකවරයාට යෝජනා කිරීමට විපක්ෂය තීරණය කර තිබේ.

ඊට අදාළ යෝජනාව ලබන පාර්ලිමේන්තු සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව සඳහන්.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කරන බවට වර්තමාන රජය පසුගිය මැතිවරණවලදී රටට පොරොන්දු වූ අතර මේ වන විට එම පොරොන්දුව රජය විසින් උපක්‍රමශීලීව අමතක කරමින් සිටින බවට විපක්ෂය චෝදනා නගමින් තිබේ.

රට හමුවේ තැබූ එම පොරොන්දුව ආණ්ඩුවට සිහිපත් කරමින් කඩිනමින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කිරීමට විපක්ෂය තීරණය කර ඇත.

ඊට විපක්ෂයේ සියලුම පක්ෂ නායකයින්ගේ අනුමැතිය හිමිව තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ක්‍රිකට් ක්‍රීඩකයෙක් වෙනුවට මලල ක්‍රීඩකයෙක්

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: ශ්‍රී ලංකා කණ්ඩායමේ විස්සයි...

දවසේ උපුටා දැක්වීම: “I don’t care that they stole my idea… I care that they don’t have any of their own.” මානවයා ගැන නිකොලා...

සටහන – පුලී පෙබරවාරි 11, LNW (කොළඹ): නිකොලා ටෙස්ලාගේ දවසේ...

බටහිර ඉවුරේ ඉඩම් ලියාපදිංචි කිරීමේ නීති වෙනස් කිරීමට ඊශ්‍රායල රජයෙන් පියවර..

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අත්පත් කරගත් බටහිර...

උගන්ඩාවේ විතරක් එල්ලිලා ඉන්න එපා නාමල්ගේ ඩුබායි සල්ලි ගැනත් අපි හොයනවා!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:උගන්ඩාවේ පමණක් නොව ඩුබායි ඇතුළු රාජ්‍යයන්වලත් රඳවා...