නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් වෙනුවෙන් විපක්ෂය තේරීම් කාරක සභාවක් ඉල්ලයි!

කොළඹ LNW: නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කරන ලෙස කථානායකවරයාට යෝජනා කිරීමට විපක්ෂය තීරණය කර තිබේ.

ඊට අදාළ යෝජනාව ලබන පාර්ලිමේන්තු සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව සඳහන්.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කරන බවට වර්තමාන රජය පසුගිය මැතිවරණවලදී රටට පොරොන්දු වූ අතර මේ වන විට එම පොරොන්දුව රජය විසින් උපක්‍රමශීලීව අමතක කරමින් සිටින බවට විපක්ෂය චෝදනා නගමින් තිබේ.

රට හමුවේ තැබූ එම පොරොන්දුව ආණ්ඩුවට සිහිපත් කරමින් කඩිනමින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කිරීමට විපක්ෂය තීරණය කර ඇත.

ඊට විපක්ෂයේ සියලුම පක්ෂ නායකයින්ගේ අනුමැතිය හිමිව තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...