AI හා තොරතුරු තාක්ෂණය Certix උසස් අධ්‍යාපන ආයතනය මාතරට

Date:

තොරතුරු තාක්ෂණ සහ නවෝත්පාදන ක්ෂේත්‍රයේ සාර්ථකත්වයට තරුණ තරුණියන්ට මඟ පාදන BotCalm සමාගම විසින් එහි අනුබද්ධ ආයතනයක් ලෙස නිර්මාණය කරන ලද Certix අධ්‍යාපන ආයතනය මාතර දී ආරම්භ කළේය.

Certix ආයතනය තුළින් සිසුන්ට Al තාක්ෂණය, Multimedia, Blockchain සහ Computer Science යන ක්ෂේත්‍රයන්හි පුළුල් දැනුමක් හා වෘත්තීයමය පුහුණුවක් ලබාදෙන ආයතනයකි.

මෙහි ආරම්භක උත්සවය International University of Sri Lanka (I U S L) හි සභාපති දුමින්ද මායාදුන්නේ, රුහුණ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සහ නව උසස් අධ්‍යාපන ව්‍යාපෘතියේ විශේෂඥ උපදේශක ආචාර්ය ප්‍රභාත් වීරසිංහ, රුහුණ විශ්වවිද්‍යාලයේ විදුලි හා තොරතුරු ඉංජිනේරු අධ්‍යයනාංශයේ ප්‍රධානී, ආචාර්ය රජිත උඩවල්පොල සහ ජාතික අවදානම් කළමනාකරණ ආයතනයෙහි සභාපති රොහාන් කෝදාගොඩ ඇතුළු ආරාධිතයින් රැසකගේ සහභාගීත්වයෙන් ඉකුත් 20 වන දින Certix අධ්‍යාපන ආයතන පරිශ්‍රයේ දී පැවැත්විය.

BotCalm ආයතනයේ සභාපති ශිරාන් රජිත ආරම්භක උත්සවයේ උත්සව සභාව අමතමින් කියා සිටියේ “අපගේ අරමුණ තාක්ෂණික දැනුමින් හෙබි දක්ෂ, නිර්මාණශීලී සහ ව්‍යාපාරික සිතුවිලි ඇති තරුණ තරුණියන් දීප ව්‍යාප්තව පිහිටි ආයතන ඔස්සේ වැඩ ලෝකයට දායාද කිරීම” බවයි.

Certix ආයතනය තුළින් සිසුන්ට Al තාක්ෂණය, Multimedia, Blockchain සහ Computer Science යන ක්ෂේත්‍රයන්හි පුළුල් දැනුමක් හා වෘත්තීයමය පුහුණුවක් ලබාදෙයි. මෙය සම්පූර්ණයෙන්ම නවීන තාක්ෂණයෙන් යුත් පරිසරයක ක්‍රියාත්මක වන අතර, මාතර කේන්ද්‍රීය කරගෙන මෙරට තරුණ පරපුරට තොරතුරු තාක්ෂණික දැනුම ලබා ගැනීමේ අනගි අවස්ථාවක් ලබාදෙනු ඇත.

විශේෂයෙන්ම, මෙහි සිසුන්ට අධ්‍යාපනය ලබමින් සිටියදීම BotCalm ආයතනය ඔස්සේ වෘත්තීමය කටයුතුවලට ද සහභාගී වී අමතර ආදායමක් උපයාගතහැකි “Work and Earn While You Learn” තේමාව යටතේ පුහුණුවීමේ අවස්ථාවක්ද සලසා දී ඇත. BotCalm යනු, 2021 දී ඉදිරි දැක්මකින් යුතුව කුඩා පිරිසකගේ මූලිකත්වයෙන් ආරම්භ වූ ආයතනයකි.

දිනමිණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිව් වරක් අභ්‍යවකාශයට ගිය පළමු ගගනගාමි Jim Lovell ගේ අවසන් ගමන…

රෂිකා හෙන්නායක අගෝස්තු 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 1968 සිදුකළ අපොලෝ...

දකුණු ආසියාවේ ඉහලම ධනවතුන් අතරට ලංකාවෙන් ඉෂාර!

සටහන: සශිකලා මධුෂාණි දකුණු ආසියාවේ ඉහලම ඩොලර් බිලියනපතියන් අතරට...

තුසිත හල්ලොලුවත් අතුරුදන් ?

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂකවරයකු මෙන්ම හිටපු ජනාධිපති...