දකුණු ආසියාවේ ඉහලම ධනවතුන් අතරට ලංකාවෙන් ඉෂාර!

සටහන: සශිකලා මධුෂාණි

දකුණු ආසියාවේ ඉහලම ඩොලර් බිලියනපතියන් අතරට ශ්‍රී ලංකාවෙන් ඉෂාර නානායක්කාර මහතා ඇතුලත්ව සිටින බව ගල්ෆ් නිවුස් වෙබ් අඩවිය වාර්තා කර තිබේ.

මෙම ලැයිස්තුව දකුණු ආසියාවේ එක් එක් රටවල ධනවත්ම පුද්ගලයා නියෝජනය වන පරිදී සකස්කර ඇත.

ඉෂාර නානායක්කාර මහතාගේ ශුද්ධ වත්කම් ඇමරිකානු ඩොලර් බිලියන 1.6ක් ලෙස බලා ඇති අතර 2025 වසරේදී මෙතෙක් ශ්‍රී ලංකාවේ අංක එකට සිටි ධම්මික පෙරේරා මහතා අභිබවා යාමට ඔහු සමත්ව ඇති බවයි විදෙස් මාධ්‍යවල දැක්වෙන්නේ.

ඉෂාර නානායක්කාර මහතා රටවල් 10 කට අධික සංඛ්‍යාවක මෙහෙයුම් සහිත විවිධාංගීකරණය වූ මූල්‍ය සේවා සහ ආයෝජන සමූහයක් වන LOLC හෝල්ඩින්ග්ස් හි නායකත්වය දරන අතර ගෝලීය ක්ෂුද්‍ර මූල්‍ය සහ රක්ෂණ අංශවල ශ්‍රී ලංකාවේ පැවැත්ම පුළුල් කිරීමේදී විශාල දායකත්වයක් දරා ඇත.

සුපුරුදු පරිදි ඇස්තමේන්තුගත ශුද්ධ වත්කම් ඇමරිකානු ඩොලර් බිලියන 118 ක් සහිතව රිලයන්ස් ඉන්ඩස්ට්‍රීස් හි සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ මුකේෂ් අම්බානි ඉන්දියාවේ සහ දකුණු ආසියාවේ ධනවත්ම පුද්ගලයා ලෙස දිගටම රැඳී සිටින අතර පාකිස්ථානය නියෝජනය කරමින් ඩොලර් බිලියන 13.5ක වත්කමක් සහිතව පකිස්ථාන-ඇමරිකානු බිලියනපතියෙකු වන ෂාහිඩ් ඛාන් හඳුනාගෙන ඇත.

බංග්ලාදේශයේ ධනවත්ම පුද්ගලයා වශයෙන් හඳුනා ගන්නා මොසා බින් ෂම්ෂර් ඇමරිකානු ඩොලර් බිලියන 12 ක වත්කමක් සහිතව ලැයිස්තුගත කර ඇති අතර නේපාලයේ එකම බිලියනපතියා වන බිනෝද් චෞද්‍රි ඩොලර් බිලියන 1.6ක් සහිතව දකුණු ආසියාවේ ඉහලම ධනවතුන් වශයෙන් ලයිස්තුවේ රැඳී සිටියි.

මුලාශ්‍රය : https://gulfnews.com/business/mukesh-ambani-still-richest-in-south-asiaheres-who-follows-1.500227224

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...