හය පාරක් අගමැති වුණා වගේද එක පාරක් විධායක ජනාධිපති වෙන එක – රනිල් නොකියා කියයි !

Date:

21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාත් බැසිල් රාජපක්ෂ මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයිනුත් අතර විශේෂ සාකච්ඡාවක් අද (05) පස්වරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්වී තිබේ.

මීට අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා ද සහභාගී වී ඇත.

මෙහිදී පුද්ගලයින් ඉලක්ක කරගනිමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සංශෝධන ගෙන ඒම සම්බන්ධයෙන් පොහොට්ටුවේ පාර්ශ්වයෙන් අග්‍රාමාත්‍යවරයාට දැඩි විරෝධයක් එල්ල වී ඇති බව සඳහන්.

“21 මගේ නෙවෙයි !”

පොහොට්ටු නායකයින්ගේ එම චෝදනාවට ප්‍රතිචාර දක්වමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බැසිල් රාජපක්ෂ මහතා වෙත ප්‍රකාශ කර ඇත්තේ 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තමන්ගේ නිර්මාණයක් නොවන බවයි.

එම ප්‍රකාශයෙන් අනතුරුව අග්‍රාමාත්‍යවරයා අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා දෙස බලා ඇති අතර විජේදාස රාජපක්ෂ මහතා බිම බලාගෙන ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

මෙයින් පෙනී යන්නේ රනිල් වික්‍රමසිංහ මහතා කිසිසේත්ම 21 වැනි සංශෝධනය තමන්ගේ ඇඟේ නොගාගන්නා ප්‍රතිපත්තියක පිහිටා කටයුතු කරන බවකි. වඩාත් සරලව කිවහොත් මෙයින් කියැවෙන්නේ “හය පාරක් අගමැති වුණා වගේද එක පාරක් විධායක ජනාධිපති වෙන එක ?” යන්න ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නේපාල විරෝධතාකරුවන් හිටපු අගමැතිගේ බිරිඳ පණපිටින් පුළුස්සා දමයි !

සටහන: සශිකලා මධුෂාණිසැප්තැම්බර් මස 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊයේ(09)දිනයේදී නේපාලයේ තරුණ...

ඊශ්‍රායලය කටාර් රාජ්‍යයේ දෝහා වෙත ගුවන් ප්‍රහාර එල්ල කරයි

සටහන: සශිකලා මධුෂාණිසැප්තැම්බර් මස 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊයේ(09) දිනයේදී...

මේ වසර තුළ පොලිස් නිලධාරීන් 350 කගේ වැඩ තහනම් කර තිබෙනවා – ඇමති ආනන්ද

සටහන - රුවන් නෙළුගොල්ල 2025 වසරේ මේ දක්වා ගතවූ කාලය...