චේරන්ගේ තෝරාගත් කවි ”ළසෝ දියවෙන භූමිය” ලෙසින් සිංහලට! (PHOTOS)

Date:

කොළඹ LNW:”ළසෝ දියවෙන භූමිය” පරිවර්තිත කාව්‍ය සංග්‍රහය එළිදැක්වීම අද (12) කොළඹ ජාතික පුස්තකාල සහ ප්‍රලේඛන සේවා ශ්‍රවණාගාරයේදී සිදුවිය.

මේ වන විට කැනඩාවේ පදිංචිව සිටින රුද්‍රමූර්ති චේරන් මහතා විසින් රචිත කවිවලින් තෝරාගත් කවි එකතුව සංජුලා පීටර්ස් විසින් සිංහලට පරිවර්තනය කර තිබේ.

යුද්ධය හේතුවෙන් මෙරටින් කැනඩාව වෙත සංක්‍රමණය වූ රුද්‍රමූර්ති චේරන් මහතාගේ එම කවි ද යුද්ධය අලලා රචිත ඒවා වීම විශේෂත්වයයි.

මෙම පරිවර්තිත කාව්‍ය සංග්‍රහය එළිදැක්වීමේ අවස්ථාවේ ප්‍රධාන දේශනය ආචාර්ය කුමුදු කුසුම් කුමාර මහතා විසින් සිදුකරන ලද අතර රුද්‍රමූර්ති චේරන් මහතා සහ සංජුලා පීටර්ස් මහත්මියද අදහස් දක්වන ලදී.

කවි කියවීම ෆාතිමා රික්ස විසින් සිදු කළාය.

මෙම අවස්ථාවට කලාකරුවන් ඇතුළු සාහිත්‍ය රසකාමීන් එක්ව සිටියහ.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2026 වර්ෂය අදාළව රජයේ නිවාඩු 26ක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 28, කොළඹ LNW : 2026 වර්ෂය අදාළව...

නීතීඥවරියකට බැන තර්ජනය කිරීම : නගරාධිපති රන්ජන් පොලීසියට නොඑයි, අසනීපයි කියා රෝහල්ගත වෙයි

කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල් විසින් නීතීඥවරියකට බැන තර්ජනය කිරීමේ...

HI සුසන්ත

නිශ්මං රණසිංහ දෙසැම්බර් 28, කොළඹ LNW: දුරකථනය නාද වුව ද...

ඉබි ගමනින් වැඩ කරන රජයට විපක්ෂ නායක සජිත්ගෙන් කඩිනම් යෝජනා රැසක් (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල සුනාමි ව්‍යවසනය සිදුවී වසර 21ක් සපිරෙන...