CIDය උදයංග වීරතුංගගෙන් සහ ඔහුගේ බිරිඳගෙන් ප්‍රශ්න කරයි

Date:

රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංගගෙන් සහ ඔහුගේ බිරිඳගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (12) ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

ඒ, ප්‍රශ්නගත මිග් යානා ගනුදෙනුව සම්බන්ධයෙනි.

පසුගිය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ආණ්ඩු සමයේදී මෙම සිද්ධිය සම්බන්ධ විමර්ශන ගොනු වසාදමා තිබුණ ද මේ වනවිට එම විමර්ශන නැවතත් ආරම්භ කර ඇති බව සඳහන්.

2007 වසරේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාවට යුක්‍රේනයෙන් MiG-27 ප්‍රහාරක ගුවන් යානා මිලදී ගැනීමේදී ඇමරිකානු ඩොලර් මිලියන 7.833 කට ආසන්න මහජන මුදල් අවභාවිත කර ඇති බවට එල්ල වී ඇති චෝදනාවකට අදාළව මෙම විමර්ශනය සිදුකෙරේ.

උදයංග වීරතුංග, රාජපක්ෂ පවුලේ සමීපතම ඥාතියකු ද වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සෙනග පෙන්වන එක 21 බලාගමු. ආණ්ඩුව අපේ පණිවිඩය කියව ගත්තා නම් හරි – නාමල්

කොළඹ LNW:වත්මන් ආණ්ඩුව නිසා අසාධාරණයට ලක්වූ සියලු දෙනා 21...

It’s Alive Again! ඩෙල් ටොරෝගේ “Frankenstein” මරණය සහ ජීවමානත්වය අතර භීෂණය නැවත අවදි කරයි! -Love, Death, and Creation: The Gothic Resurrection of Frankenstein

සටහන – පුලී නොවැම්බර් 12, කොළඹ (LNW): ගිලර්මෝ ඩෙල් ටෝරෝගේ "Frankenstein(ෆ්‍රැන්කන්ස්ටයින්)"...

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාගේ නායකත්වය වෙනස්විය යුතු බවට සාකච්ජා ඇරඹේ ?

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 12: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : බ්‍රිතාන්‍ය අග්‍රාමත්‍ය...

එප්පාවල කුඩු ජාවාරම : හිටපු මාලිමා මන්ත්‍රීනියගේ සැමියා රිමාන්ඩ්

අනුරාධපුර, එප්පාවල, ඇදගල ප්‍රදේශයේදී හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1 යි...