නව පොලිස්පතිවරයා සිය නිල රාජකාරී ආරම්භ කරයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 14, කොළඹ LNW:

නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතා අද පෙරවරුවේ පොලිස් මූලස්‌ථානයේදී නව පොලිස්පතිවරයා ලෙස සිය නිල රාජකාරී ආරම්භ කළ බව වාර්තා වේ.

ඒ, පොලිස් මූලස්ථානයේදී නව පොලිස්පතිවරයා වෙනුවෙන් පොලිස් උත්තමාචාර පිරිනැමීමෙන් අනතුරුවයි.

පොලිස්පතිවරයා එහිදී කියා සිටියේ, බිය සැක නැති ප්‍රචණ්ඩත්වයෙන් තොරව පරිසරයක් බිහි කිරීමට හා විනයානුකූල පොලිසියක් බිහිකිරීමට සියලු‍ දෙනා එක් විය යුතු බවයි.