විහාරදේවාලගම් පනතට සංශෝධනට!

Date:

කොළඹ LNW:විහාර දේවාලගම් ආඥා පනතට ගෙන ඒමට නියමිත සංශෝධන බලාත්මක කිරීම කඩිනමින් සිදු කරන බව බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා පැවසීය.

ශාසන විරෝධී චීවරධාරීන් සසුනෙන් නෙරපීම සම්බන්ධ වගන්තිය ඊට ඇතුළත් බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

මහනුවරට පැමිණි බුද්ධ ශාසන අමාත්‍යවරයා සියම් මහ නිකායේ මල්වතු පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමියන් සහ අස්ගිරි මහ විහාරයේදි එම පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන හිමියන් බැහැ දැක සාකච්ඡාවේ නිරතවූහ.

අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ ඒ මහතා විහාර දේවාලගම් ආඥා පනතේ 41 හා 42 වගන්ති වල සංශෝධනයක් සම්බන්ධව කාලයක් තිස්සේ කටයුතු කරමින් පවතින බව කීවේය.

එහි කටයුතු මේ වන විට අවසන් කොට නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට යොමුකර තිබෙන බවත් ඉතා කෙටි කාලයකින් එය පනතක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට හැකි බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.ශාසන විරෝධීව හැසිරෙන භික්ෂූන් වහන්සේ සම්බන්ධයෙන් ඒ ඒ පාර්ශනයන්හි මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ අදාළ නිකායට තීරණ ගත හැකි ලෙස එම පනත් සංශෝධනය කොට ඇතැයි ඔහු සඳහන් කළේය.

බුද්ධ ශාසන නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා ද මෙම අවස්ථාවට සහභාගි විය.

නදීක දයා බණ්ඩාර – මහනුවර

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

8 වන චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනයට ශ්‍රී ලංකාවේ සහභාගීත්වය!

රෂිකා හෙන්නායක නොවැම්බර් 13, කොළඹ LNW : ශ්‍රී ලංකාව ෂැංහයි...

නවදිල්ලියේ පිපිරීම් මාලාවක සැලසුමක් ගැන අනාවරණයක්?

කොළඹ LNW:ඉන්දියාවේ නවදිල්ලි අගනුවර රතු බලකොටුව අසල පසුගිය 10...

ලාංකේය විනිසුරුවන් තිදෙනකොට ජාත්‍යන්තර වරම්

නිශ්මං රණසිංහ නොවැම්බර් 13, කොළඹ LNW: සුගතදාස ගෘහස්‍ත ක්‍රීඩාංගණයේදී පැවැත්...

වැඩි ඡන්දයෙන් සම්මත වූ හාලිඇල ප්‍රාදේශීය සභාවේ අයවැය!

රෂිකා හෙන්නායක නොවැම්බර් 13, කොළඹ LNW : ජාතික ජන බලවේගය...