ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට උණුසුම් තත්ත්වයක්!

Date:

කොළඹ LNW:ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට අද (14) පැවති විරෝධතාවක් හේතුවෙන් එම ස්ථානයේ තත්ත්වයක් හටගෙන තිබුණි.

ජන අරගල සන්ධානය විසින් එය සංවිධානය කර තිබුණු අතර වසර 50ක් තිස්සේ වගා කළ ගොවි ඉඩම් අක්කර 800ක් ගොවීන්ගෙන් බලහත්කාරයෙන් අත්පත් කර සමාගම් වලට පැවරීමට එරෙහිව විරෝධතාව පැවැත්විය.

ජන අරගල සන්ධානයේ ජාතික විධායක සභික වසන්ත අරමුදලිගේ ඇතුළු පිරිසකගේ මෙහෙයවීමෙන් එම විරෝධතව පැවති අතර ඊට ත්‍රිකුණාමලයේ මුත්තු නගරයේ පිරිසක්ද එක්ව සිටියහ.

විරෝධතාව අතරතුර පොලීසිය මැදිහත්වීම හේතුවෙන් විරෝධත්කරුවන් සහ පොලීසිය අතර උණුසුම් තත්ත්වයක් හට ගෙන තිබුණි.

මේ වන විට ගොවි ජනතාව මුහුණ දී සිටින ඛේදජනක තත්ත්වය සම්බන්ධයෙන් සියලුම බලධාරීන් දැනුවත් කර තිබුණද නිසි විසඳුමක් නොලැබීම නිසා මෙලෙස ජනාධිපති කාර්යාලය ඉදිරිපිටට පැමිණීමට සිදුව ඇති බවයි වසන්ත මුදලිගේ මාධ්‍ය වෙත පැවසුවේ.

මීට සති දෙකකට පමණ පෙර ගොවියන් සිය දුක්ගැනවිල්ල ජනාධිපති ලේකම්වරයටද ලිඛිතව දැනුම් දී තිබුණද ඊට යහපත් ප්‍රතිචාරයක් ලැබී නැති බව වසන්ත මුදලිගේ තවදුරටත් සඳහන් කළේය.

එම නිසා මෙම ජනතාවගේ ගැටළුවට කඩිනම් විසඳුමක් අවශ්‍ය බවද ඔහු අවධාරණය කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉදිකිරීම් අවසන් අදියරේ පසුවන ස්ප්‍රින්ංවැලි Bailey Bridge!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 28, කොළඹ LNW : දිට්වා සුළිකුණාටුවෙන්...

සේවා රැසක් අත්‍යාවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්!

සේවා රැසක් අත්‍යාවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කරමින් අති...

මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සේවාව නව්‍යකරණය කිරීම පිළිබඳ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ අවධානය!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 28, කොළඹ LNW: පසුගියදා පවුලේ වෛද්‍යවරයා කේන්ද්‍ර...

හදිසි තත්ත්වය තවදුරටත් දීර්ඝ කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 28, කොළඹ LNW: අද (28) දින මහජන...