රතන හිමිට එරෙහිව වරෙන්තු!

කොළඹ LNW:පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු නිකුත්කර තිබේ.

කොළඹ අපරාධ කොට්ඨාශයේ ඉල්ලීමකට අනුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නියෝග නිකුත් කර ඇත.

අපේ ජනබල පක්ෂයේ මහ ලේකම් වේදිනිගම විමලතිස්ස හිමියන් පැහැරගෙන ගොස් උන්වහන්සේ බිය ගන්වා 2020 වසරේදී එම පක්ෂයට ලද ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය ලබා ගැනීම සම්බන්ධයෙන් සැකපිට අතුරලියේ රතන හිමියන් අත්අඩංගුවට ගැනීමට කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් උන්වහන්සේ වැඩ සිටින රාජගිරියේ සඳහම් සෙවන වෙත පසුගිය 07 වන දින රාත්‍රීයේ ගොස් තිබුණද ඒ අවස්ථාවේ උන්වහන්සේ එහි රැඳී සිට නැත.

ජංගම දුරකථනය පවා අක්‍රීය කර උන්වහන්සේ සැඟවී සිටින බවයිකොළඹ අපරාධ කොට්ඨාශය අධිකරණයට දැනුම් දී තිබුණේ. ඒ අනුව උන්වහන්සේ අත්අඩංගුවට ගැනීමට අධිකරණය වරෙන්තු නිකුත් කර ඇත.

මෙම සිදුවීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් මෙන්ම සේවයෙන් නෙරපා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගෙන් ද ප්‍රශ්න කිරීමට නියමිතයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ නව හෘද රෝග ඒකක ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ!

කොළඹ LNW:නැගෙනහිර පළාතේ ජනතාවට එකම ස්ථානයකින් පුළුල් සහ නවීන...