රාජිතගෙන් මෝසමක්!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් විසින් සිදුකරනු ලබන විමර්ශනයකට අදාළව තමන්ව අත් අඩංගුවට ගැනීම සඳහා නිකුත් කර ඇති වරෙන්තුව තාවකාලිකව අත්හිටුවන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට මෝසමක් ඉදිරිපත් කර තිබේ.

එම මෝසම අද (18) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලි ජයතුංග මහත්මිය හමුවේ කැඳවනු ලැබූ අතර එහිදී මහේස්ත්‍රාත්වරිය පවසා තිබුණේ අදාළ මෝසම සම්බන්ධයෙන් පැමිණිලිකාර අල්ලස් කොමිසම අධිකරණයේ පෙනී සිටින අවස්ථාවක එම ඉල්ලීම සිදුකරන ලෙසයි.

ඒ අනුව අදාළ මෝසමින් ඉල්ලා සිටින කරුණට අදාළව අධිකරණය නියෝගයක් නිකුත් නොකරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...