*
Sunday, September 22, 2024
spot_img

Latest Posts

චමරිගේ ඉල්ලී දිව්‍යලෝකයට යන්න බලා සිටින කාන්තා ක්‍රිකට්වල හෙට…

ශ්‍රී ලංකාවෙ ක්‍රිකට් කියන්නෙ පිරිමි ක්‍රිකට්වලට විතරක් වගෙයි.සාමාන්‍යයෙන් ඒකට ලැබෙන ඉඩ ඉතාම කුඩායි.සකලවිධ කාරණා හා සසඳද්දි කාන්තා ක්‍රිකට් කියන්නෙ පිරිමි ක්‍රිකට් එක්ක පුංචි තිතක්.කාලෙකට ඉස්සර ශෂිකලා මත යැපුණ ලංකාවෙ ක්‍රිකට් දැන් ගැලවුම්කාරිය බවට පත් කරගෙන ඉන්නෙ චමරි අතපත්තු.නමුත් එක මොහොතක් තිබුණා කෙයේම අවධානය ශ්‍රී ලංකා ක්‍රිකට් දෙසට යොමු වුණ.ඒ ශෂිකලා සහ චමරි ඉද්දිම වෙච්චි දෙයක්.ඒ වෙලාවෙ ඒෂානි ලොකුසූරිය කියන ලොකු පහරවල් තියෙන ක්‍රීඩිකාව වගෙම අපූරු සැළසුමකට ක්‍රීඩා කරන දීපිකා රසංගිකාත් මේ නම් දෙක අතර හිටියා.ඒ වගෙම චාමිනි සෙනවිරත්න කියන වේග පන්දු යවන්නියත් අවධානයට ලක් වුණා.මේ සියල්ල ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අවසාන පූර්ව තරගය දක්වා පැමිණි 2013 කාන්තා ලෝක කුසලාන තරගාවලිය හා සබැඳි කාරණායි.

එම තරගාවලියේ හොඳම පිතිකාරිණියන් පස් දෙනා අතරෙ දීපිකා හිටියා.ඒ වගෙම පන්දු යවන්නියන් අතර හත්වන තැන චාමිනී වගෙම අටවන තැන ශෂිකලා හිටියා.මේ කණ්ඩායම කාලයක් රැක බලාගන්න බැරි වුණා.සමහරු නොදැනීම කණ්ඩායමෙන් එළියට වීසි වුණා.චාමිනි සහ දීපිකා රට අත ඇරලා ගියා.දැන් 38 හැවිරිදි වියේ ඉන්න දිපිකා බහරේනය වෙනුවෙන් පිටියට පිවිස කාන්තා 20/20 තරඟ ඉතිහාසය වෙනස් කළා.පන්දු 66 න් ඇය ලකුණු 161 ක් රැස් කරා.ඒ වගෙම බහරේනය පන්දු ඕවර් 20 හමාර කළේ ලකුණු 318 ක් සටහන් කරමින්.දීපිතාගේ ලකුණු සංඛයාව වගේම ඇයගේ දායකත්වය සහිතව ලකුණු 318 දක්වා ඉහළ ගිය ලකුණු පූවරුවත් කාන්තා 20/20 ලෝක වාර්තාවන්.

මේ සටහනට පාදක වෙන්නෙ ඉතිහාසය නෙමෙයි.වර්ථමානයට පිවිසීම.මේ මොහොතෙ පකිස්තානයට එක්දින තරග දෙකක් පරාජය වී තෙවන තරගයේ චමරි ලබා ගත් ශතකයෙන් ජයග්‍රහණය හිමි වෙනවා.ඒ කියන්නෙ චමරි නැත්නම් නැහැ වගෙ තත්ත්වයක්.මේක වෙනස් කරන්න හිතන කෙනෙක්ට වක්මන් කණ්ඩායමේ එහෙම ඉන්න දක්ෂයන් ඉදිරියට ගේන්න ඉඟිපෑමක් මේ තරගයෙදි සිද්ධ වුණා.ඒ අතරින් හසිතා මාධවි කැපී පෙණුනා.

ඇයට මේ තරගාවලියේ අවස්ථා දෙකයි ලැබුණෙ.දෙවන තරගයේ ඇය ලකුණු 41 ක් ලබා සිටියදී දුවද්දී දැවී ගියා.චමරි ලකුනු 101 ක් රැස් කරමින් ශතකය ලබා ගත් තරගයේදී ඇය ශතකය නිසා බැබලුණත් මේ 23 හැවිරිදි ක්‍රීඩිකාව තමයි තරගය නඩත්තු කළේ.ලෝකයේ ඉන්න ප්‍රහාරාත්මකම පිතිකාරිණියක වන චමරි ලකුණු 101 ලබා ගත්තෙ පන්දු 85 ක් තුළයි.ඇය තෙවන කඩුල්ල ලෙස දැවී යද්දි කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව සටහන් වුණේ 156 ක් ලෙසයි.ඒ වන විට හසිතා මාධවි ඇය සමඟ එක්ව ලකුණු 153 ක සබඳතාවක් තෙවන කඩුල්ලට එකතු කරගෙන තිබුණා.
හසිතා පිටියට පිවිසියේ ලකුණු සංඛ්‍යාව 03 ක් ව තිබියදී.නමුත් ඇය සිව්වන කඩුල්ල ලෙස පිටියෙන් ඉවත්ව යද්දී පන්දු 128 ට මුහුණ දි චමරිගේ ඉණිමට ශක්තියක් වෙමින් ද ශ්‍රී ලංකාවේ පසුපෙළ ක්‍රීඩිකාවන්ට ලකුණු කරා යන්නට ඇති පීඩනය අවම කරමින් ද සැළසුම් කර ඉණිමේ වටිනාකම ලකුණු 75 ක් වුණා.ඇය කණ්ඩායමට එකතු කර දිරිය වැදගත් වන්නේ ඇය දැවී යන විට ලකුණු පූවරුව 216 ක් ව තිබීමයි.ඒ අනුව ඇය චමරි සමඟ ලකුණු 156 ක් වගේම,ඇයගේ දැවී යාමෙන් පසුව වැඩි වගකීම ගෙන කවීශා දිල්හාරිව දායක කරගෙන ලකුණු 60 සබඳතාවයක් සිව්වන කඩුල්ලටත් එකතු කර තිබුණා.ඒ නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට මුල් තරග දෙකේ පරාජය මකා ගත හැකි ලකුණු 260 ක ලකුණු පූවරුවකට යමින් පකිස්තානයට ලකුණු 93 ක ජයක් ලබා දෙන්නට හැකි වුණා.

හසිතා මාධවි තවමත් 23 හැවිරිදි ක්‍රිඩිකාවක් හැටියට බොහොම පරිස්සමට පාවිච්චි කරන්න වෙනවා.සුළු දෝෂයක පලය ලෙස ඇය කණ්ඩායමෙන් ඉවත තැබීම නොකළ යුතු වගේම ඇයගේ පිතිකරු අංකය ස්ථාවරව පාව්චිචියට ගෙන විශ්වාසයෙන් පන්දුවට පහර දීමට ඉඩ සකස් කළ යුතු වෙනවා.වැදගත්ම දේ ඒකයි.ඒ වගෙම මේ වන විට අවුරුදු 19 න් පහළ තරග මට්ටමේ ඉතාමත් හොඳින් පන්දුවට පහර දෙන සහ පන්දු යවන ක්‍රීඩිකාවන් ගැන තොරතුරු වාර්තා වෙනවා.ඔවුන්ට අඩුම ගණනේ වසරකට පුහුණු කදවුරු කිහිපයක් හෝ පැවත්වීම වැදගත් වෙනවා.
හසිතා මාධවී වගේම කවීශා දිල්හාරි කියන්නෙත් තවම හරියට සිය පිතිකරන හැකියාව විද්‍යාමාන කරන්න බැරිවෙච්චි ක්‍රීඩිකාවක්.ඇය පන්දුවෙන්ද දක්ෂතා ඇති ක්‍රීඩිකාවක්.එසේම ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යැවීමේ බලඇණිය ශක්තිමත් කරන්නට සිටින බොහෝ දෙනෙක් වයස අවුරුදු 30 ඉක්මවා ගිය අයයි.ඔවුන් තවමත් ඒ කාර්යයට ගැලපෙන බවක් දකින්නට තිබුණත් අලුත් කාන්තා පන්දු යවන්නියන්ට අත්දැකීම් සඳහා මේ ජ්‍යෙෂ්ඨ ක්‍රිඩිකාවන් සමඟ අවස්ථාව දිම වැදගත්.නැතිනම් අහසෙන් පාත් වූ ජාත්‍යන්තර පිටියට එන ක්‍රීඩිකාවන් ජාත්‍යන්තර පිටිය තුළ අතරමං වීම වගේම බොහෝ දුර ගමන් යන්න නියමිත අය අවස්ථා කිහිපයක වැරදි මත පිටියෙන් ඉවතට වීසි වි ශ්‍රී ලංකාවට විශිෂ්ඨ ක්‍රීඩිකාවන් නැති වෙන්නටත් ඉඩ තිබෙනවා.

ඒ නිසා කාන්තා ක්‍රිකට් ජයග්‍රහණ සඳහා චමරි අතපත්තුගේ ඇඟේ එලලී දිව්‍යලෝකයට යාමේ අපේක්ෂාවෙන් මෙපිටට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ බලාපොරොත්තු පැමිණිය යුතුයි.එසේ නොවන නිසා චමරිට වල්ගය අත් හැරුණු විට ශ්‍රි ලංකාව ඉදිරියේ අන්ත පරාජයන් ලියැවීම වැළක්වීමට ක්‍රිකට් පරිපාලකයන් සැළසුම් සකස් කළ යුතුයි.

RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan