මුදල් අච්චු ගැසීම නිසා උද්ධමනය ඉහළ යාමක් සිදුනොවන බවත් එසේ සිදුවන්නේ නම් මේ වනවිටත් උද්ධමනය වැඩිවී තිබිය යුතු බවත් ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි.
“ඕගොල්ලො දන්නවා චෝගම් බස් කියලා කියන්නෙ මේවාට. හයිවේ එකේ දුවන්න අවුරුදු ගාණකට කලින් අපිට ගෙනාපු බස් රථ සෑහෙන ප්‍රමාණයක් දැන් ධාවනයෙන් ඉවත්වෙලා තියෙනවා. ඒ බස් රථ ප්‍රමාණය පුනරුත්ථාපනය කරලා නැවත ධාවනයට එකතු කිරීමේ වැඩක් යනවා”
ප්‍රශ්නය – එතකොට අමතර කොටස් එහෙම ගේන්න සල්ලි තියෙනවද ආණ්ඩුවට ?
“ආණ්ඩුවට සල්ලි තියෙනවා. සල්ලි කිසීම ප්‍රශ්නයක් නැහැ”
ප්‍රශ්නය – විපක්ෂය චෝදනාවක් එල්ල කරනවා ට්‍රිලියන 1.225ක මුදල් අච්චු ගහලා කියලා. එහෙම එකක් තියෙනවාද ?
“නෑ. මුදල් අච්චු ගැසීමක් සිද්ධ වෙන්නෙ රටේ ආර්ථිකයට අවශ්‍ය ප්‍රමාණයට තමයි මුදල් අච්චු ගැසීම වෙන්නෙ. ඒක හැම අවුරුද්දකම වෙන එකක්. අපට බලන්න තියෙන්නෙ ආර්ථිකය ගමන් කරන දර්ශකත් එක්ක”
ප්‍රශ්නය – එතකොට මුදල් අච්චු ගහනකොට උද්ධමනය වැඩිවෙන්නෙ නැද්ද ?
“නෑ. එහෙනම් දැන් උද්ධමනය වැඩිවෙන්න එපැයි ! ඔය කියන එක කාරණයක් ගැන හිතනවා නම් දැන් බඩුමිල වැඩිවෙන්න ඕනෙනෙ. නමුත් වැඩිවෙලා නෑ, ස්ථාවර වෙලා තියෙනවා. උද්ධමනය අඩුවෙලා තියෙනවා”
නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුනසේන මහතා මේ බව පැවසුවේ කටුබැද්ද සංචාරක ඩිපෝවේ ඉවත්කර පැවති බස් රථ 9ක් අළුත්වැඩියා කර නැවත ධාවනයට එක්කිරීම වෙනුවෙන් පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
