චීන-ඉන්දීය මිත්‍රත්වය අලුත් කළ විදෙස් ඇමතිවරුන්ගේ සාකච්ඡාව! ‍

Date:

කොළඹ LNW:මෙම මස අවසානයේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා එක් වීමට නියමිත චීන සංචාරයත් සමග චීන-ඉන්දීය සබඳතා යළි ශක්තිමත් වීමේ ප්‍රවණතාවක් පවතිනවා. එවන් මොහොතක චීන විදේශ අමාත්‍ය වෑන්ග් යි මහතා ඉන්දියාවේ සංචාරයකට එක් වීමත් විශේෂත්වයක්. එහිදී ඉන්දීය විදේශ අමාත්‍ය සුබ්‍රමනියම් ජයිෂන්කර් මහතා සමග පැවති සාකච්ඡාවට ද වැඩි අවධානයක් යොමු වී තිබෙනවා. එම සාකච්ඡාවේදී චීන-ඉන්දියා ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට දෙපාර්ශ්වය එකඟත්වය පළ කර තිබීම සුවිශේෂ වනවා.

එම ද්විපාර්ශ්වික සාකච්ඡාවේදී වෑන්ග් යි මහතා පැවසුවේ දෙරට නායකයින්ගේ වැදගත් එකඟතා ක්‍රියාත්මක කරමින් සියලුම මට්ටමේ සංවාද මෙන්ම හුවමාරු සබඳතා ක්‍රමයෙන් යළි ආරම්භ කිරීමට අපේක්ෂා කරන බවයි. එමෙන්ම දේශසීමා ප්‍රදේශවල සාමය පවත්වා තහවුරු වෙමින් පවතින අතර ඉන්දියානු බැතිමතුන්ට චීනයේ Xizang ජාතික ස්වායත්තයේ පූජනීය ස්ථාන වන්දනා ගමන් යළි ඇරඹීමට සහයෝගය ලබා දෙන බව ද හෙතෙම සඳහන් කර තිබෙනවා.

මේ වනවි‍ට චීන-ඉන්දියා සබඳතා ශක්තිමත් වෙමින් ධනාත්මක ප්‍රවණතාවක් පෙන්නුම් කරමින් තිබෙනවා. එමෙන්ම මෙම වසර චීනය සහ ඉන්දියාව අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිහිටුවීමේ 75 වන සංවත්සර වසරයි. අතීත පාඩම් සිහිපත් කර, නිවැරදි උපායමාර්ගික දැක්මක් සහිතව තරඟකරුවන් හෝ තර්ජන ලෙස නොව හවුල්කරුවන් සහ අවස්ථා ලෙස එකිනෙකා පිළිබඳ අවබෝධයෙන් කටයුතු කිරීමට දෙපාර්ශ්වය එකඟ වී ඇති බවයි වාර්තා වන්නේ.

අසල්වැසි විශාල රටවල් එකිනෙකා පිළිබඳ ගරුත්වයෙන් විශ්වාසය පවත්වා ගනිමින් පොදු සංවර්ධනය සහ ජයග්‍රාහී සහයෝගීතාවය සාක්ෂාත් කර ගැනීමට නම් නිවැරදි මාර්ගයකට පිවිසිය යුතු බව චීන විදේශ අමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා. ඒ සඳහා චීනය අසල්වැසි රටවල් සමග සහයෝගයෙන් කටයුතු කිරීමට සූදානම් බව සිටිනවා.

මේ අතර සුබ්‍රමනියම් ජයිෂන්කර් මහතා සඳහන් කළේ දෙරට නායකයින්ගේ මඟපෙන්වීම යටතේ ද්විපාර්ශ්වික සබඳතා අඛණ්ඩව වැඩිදියුණු වන බවත්, සියලු අංශවල සහයෝගීතා සාමාන්‍යකරණය වෙමින් පවතින බවයි. එමෙන්ම චීනය සමග දේශපාලන අන්‍යෝන්‍ය විශ්වාසය ශක්තිමත් කර ගනිමින්, ආර්ථික සහ වෙළඳ කටයුතු ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීමට ඉන්දියාව අපේක්ෂා කරන බව ඔහු ප්‍රකාශ කළා. මානව සබඳතා ශක්තිමත් කර දේශසීමා ප්‍රදේශයේ සාමය සහතික කිරීමට එක්ව කටයුතු කළ යුතු බව ද ඉන්දීය විදේශ අමාත්‍යවරයා සඳහන් කළ බවයි වාර්තා වන්නේ.

දිනූෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සරත් ඍතුවෙන් පසුව එළැඹුණු නෙවර්මෝර් ඇකඩමියේ තතු සමඟින් “Wednesday Season 2”

සටහන – පුලී අගෝස්තු 19, කොළඹ (LNW): නෙවර්මෝර් ඇකඩමියට නව...

බොරු ප්‍රචාරවලට අහුවෙන්න එපා. ආණ්ඩුව සල්ලි අච්චු ගහල නෑ!

කොළඹ LNW:පවතින වපසරිය තුළ ආණ්ඩුව මුදල් අච්චු ගැසීමක් අකර...

හිටපු ජනාධිපති රනිල්ව CIDයට කැඳවයි !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ...

පොහොර සහනාධාරය QR ක්‍රමයට!

කොළඹ LNW:ගොවීන් සඳහා පොහොර සහනාධාරය ලබාදීමේදී ඩිජිටල් ක්‍රමවේදය ඔස්සේ...