තායිලන්ත රාජාණ්ඩුව අපකීර්තියට පත් කළ බවට හිටපු අගමැති තක්සින් ෂිනවත්‍රාට එරෙහි චෝදනා එරට අධිකරණය ප්‍රතික්ෂේප කරයි

Date:

සටහන: සශිකලා මධුෂාණි

අගෝස්තු 24:ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): තායිලන්ත රාජාණ්ඩුව අපකීර්තියට පත් කළ බවට චෝදනා කරමින් හිටපු අගමැති තක්සින් ෂිනවත්‍රාට ගොනු කරන ලද නඩුවක් එරට අධිකරණය විසින් නිෂ්ප්‍රභා කර ඇති බව වාර්තා වේ.

2015 දී දකුණු කොරියානු පුවත්පතක් වන චොසුන් ඉල්බෝ සමඟ කරන ලද සාකච්ජාවකදී හිටපු අග්‍රාමාත්‍යවරයා රාජාණ්ඩුවට අපහාස කරන ලද බවට චෝදනා එල්ල වූ අතර වරද ඔප්පු කිරීමට ප්‍රමාණවත් සාක්ෂි නොමැති බව පවසමින් අධිකරණය නඩුව නිෂ්ප්‍රභ කර තිබේ.

කලක් මැන්චෙස්ටර් සිටි පාපන්දු සමාජය හිමි බිලියනපති ව්‍යාපාරිකයෙකු වන තක්ෂින් ශිනවාත්‍රා වරද ප්‍රතික්ෂේප කළ අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ගෞරවනීය රජුට තම පක්ෂපාතිත්වය නැවත නැවතත් පොරොන්දු විය.

තායිලන්තයේ ලෝකයේ දරුණුතම ලෙස්-මජස්ටි නීති වලින් එකක් ඇති අතර, එම නීති යටතේ රාජාණ්ඩුව විවේචනය කිරීම යටතේ වසර තුනත් 15ත් අතර සිර දඬුවම් නියම කළ හැකිය. 2020 සිට, අවම වශයෙන් පුද්ගලයින් 281 දෙනෙකුට මෙම නීතිය යටතේ චෝදනා එල්ල වී ඇති අතර, විරෝධතාකරුවන්ට දේශපාලන කථා, රාජකීයයන් ලෙස පෙනී සිටින ඇඳුම් ඇඳීම හෝ උපහාසාත්මක කාටූන් විකිණීමට සම්බන්ධ වීම සම්බන්ධයෙන් නඩු පවරනු ලැබේ.

කෙසේ නමුත්, විචාරකයන් පවසන්නේ නීතිය දේශපාලන විරුද්ධවාදීන් ඉලක්ක කර ගැනීමට සහ විසම්මුතිය නිහඬ කිරීමට භාවිතා කරන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පකිස්ථාන විදේශ අමාත්‍යවරයා සහ බංග්ලාදේශ නිලධාරීන් අතර සාකච්ඡා

රෂිකා හෙන්නායක අගෝස්තු 24, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පකිස්ථාන විදේශ අමාත්‍යවරයා...

Emine Erdogan ගෙන්  Melania Trumpට ලිපියක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 24, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයේ සහ රුසියාවේ...

හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක ගැනත් විමර්ශන ඇරඹේ!

කොළඹ LNW:හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක සම්බන්ධයෙන්ද විමර්ශන සිදුකරමින...