රත්තරන් පාවිච්චිය පරිස්සමට…

Date:

නිශ්මං රණසිංහ අගෝස්තු 24, කොළඹ LNW:

ගෙවුණු ආසන්න වසර කිහිපය තුළ ශ්‍රී ලංකාවේ බැඩිමින්ටන් ලෝකය සමඟ මිශ්‍ර කිරීමට අවශ්‍යය විශාල ධනයක් පෞද්ගලිකව ද වැය කරමින් රොහාන් ද සිල්වා ගත් උත්සාහයේ ප්‍රතිපල හැටියට ලෝකයේ වැඩි අවධානයකට ලක්ව සිටින බැඩිමින්ටන් ක්‍රීඩකයින් ලෙස විරේන් නෙත්තසිංහ මෙන්ම රනිත්මා ලියනගේ ද විශාල අවධානයක් දිනා ගෙන ඇත.විශේෂයෙන් කළාපීය බැඩිමින්ටන් බලවතා වන ඉන්දියාව පවා යම් ආකාරයකට වෙනදාට වඩා ගෞරවයෙන් සහ අවිශ්වාසයෙන් ලාංකේය ක්‍රීඩකයන්ගෙන් ජයග්‍රහණය අපේ ක්‍රීඩකයන් අභිබවා යාම ගැන සිතන බවත් දකින්නට ඇත.


මේ පරිසරය මත ආසියානු වයස් කාණ්ඩ සූරතාවලියේදී ශ්‍රී ලංකාව ඉන්දියාව සහභාගි නොවීමේ සාධකයද සමඟ ගත් විට ඉතා පහසුවෙන් එම තරගාවලියේ ආධිපත්‍යය පතුරුවන්නට සමත් විය.රන් පදක්කම් 17 ක්,රිදී පදක්කම් 6 ක් සහ ලෝකඩ පදක්කම් 4 ක් ලෙස එම ආධිපත්‍යයට හිමි වූ පලදාව අගය කළ යුතු වන්නේ එහි පූර්ණ ගෞරවය හිමි විය යුතු ඉතිහාසයට හිමි තැන ලබා දෙමින් සහ එය නොනවත්වා පවත්වාගෙන යාමේ සහ තව දුරටත් පුළුල් කිරිමේ වගකීම් තේරුම් ගනිමින් සහ ක්‍රියාවට නැංවිමේ අවශ්‍යයතාවය තේරුම් ගනිමින්ය.


එකම වයස් කාණ්ඩයකවත් රන්මය ජයග්‍රහණය අන් රටවලට නොදෙන්නට තරම් බලවත්කම පෙන් වූ ශ්‍රී ලංකාවේ හැකියාව ඉහළ මට්ටමක තිබිණ.එයට ශ්‍රී ලංකාව සහ සෙසු ඉන්දියාව නොවන කළාපීය රටවල් තුළ ඇති බැඩ්මින්ටන් හැකියාවේ පරතරය නිර්මාණය වි ඇති පසුබිම කියවා ගැනීම සහ එහි අඛණ්ඩ ක්‍රියාවලිය වැදගත්ය.විරේන්, රනිත්මා,රශ්මි මුදිගේ,දුමිදු අබේවික්‍රම වැනි නිතර ජාත්‍යන්තර තරග පිටියේ කියැවෙන ලාංකේය නම් සියල්ල තවමත් අවුරුදු 23 නො‘ඉක්ම වූ නම් ලෙස මෙම තරගාවලිය තුළ කියැවීම ගෙවුණු ආසන්න ඉතිහාසය තුළ අනාගතය පොහොසත් කිරීම කෙරෙහි ශ්‍රී ලංකා බැඩිමින්ටන් නිහඩව කළ විශාල ක්‍රියාදාමයක් මතු කර පෙන්වන්නේය.
එසේම නෙත්මි රත්නායක,කෙනත් අරුග්ගොඩ වැනි නම් ද ජාත්‍යන්තර වශයෙන් නියෝජන අවස්ථා ලබා ඇති බව අපි දනිමු.ඒ නිසා මේ තරගාවලිය තුළ ජයග්‍රහණ ලෙස අප දුටුවේ එම මොහොත නොව එම මොහොත නිර්මාණය කරන්නට වැය කළ පරිපාලන ශ්‍රමයක,ආර්ථිකමය වශයෙන් කළ වැය කිරීමක පලය.ඉන්දියාව හැරුනු විට කළාපය තුළ ශ්‍රී ලංකාව සිටින්නේ ද දැන් සුව පහසු ස්ථාවරයක බව මේ තරගාවලියේ ජයග්‍රහණ කියා දුන් පාඩමය.


එහෙත් මෙහි රනිත්මාගේ සහ විරෙන්ගේ සහභාගීත්වය, ඔවුන් යුගල සහ මිශ්‍ර යුගල තරගවලට ද ඉදිරිපක් කර ශ්‍රී ලංකාව දිනූ රන් පදක්කම්වල රැස් පහර හැඩ වුවත්,එය විශිෂ්ඨ ජයග්‍රහණ වුවත් ඔවුන් ඊට වඩා දීප්තියක් විහිදුවාලිය හැකි අය බව බැඩ්මින්ටන් පරිපාලනය අවබෝධ කර ගැනීම වැදගත්ය.ලෝක කුසලානය ආසන්නයේ ඒ තරමට වෙහෙස කිරීමෙන් යම් නරක ආබාධිත තත්ත්වයක් ආවේනම් එය ශ්‍රී ලංකාවේ බැඩිමින්ටන්වලට තදින් බලපානු ඇත.ඒවා අති සියුම් බිඳෙන සුළු බඩු සේ සළකා සුපරික්ෂාකාරීව යළි යළිත් සුපරික්ෂාකාරීව භාවිතය කළ යුතු රටක් වටින වස්තූන්ය.


මේ ජයග්‍රහණය සම්බන්ධයෙන් ඇගයීම් ප්‍රකාශ්‍යක් කරමින් ශ්‍රී ලංකා බැඩිමින්ටන් සභාපති රොෂාන් ගුණවර්ධන ශ්‍රී ලංකාවේ මේ ජයග්‍රහණයට බල පෑ නම් මෙන්ම තරගාවලියේ සාර්ථකත්වයට බල පෑ නම් ද ස්තූති පුර්වකව සිහිපත් කර ඇත. ක්‍රීඩා අමාත්‍යවරයා, අමාත්‍යංශ ලේකම්, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්, ක්‍රීඩා අධ්‍යක්ෂ (ක්‍රීඩා), බැඩ්මින්ටන් ආසියානු නිලධාරීන් ලෙස කිම් (සභාපති) කෙනී (මහලේකම්), ෂෙන්ග් (COO), සෑම් සහ තානා (ජ්‍යෙෂ්ඨ සංවර්ධන කළමනාකරුවන්) සහ භූතාන් ඔලිම්පික් කමිටුවේ මහලේකම් ට්ෂෙරිං ඒ විශේෂයෙන් සිහිකළ නම් අතර ඇත.


එසේම මෙම ජයග්‍රහණය ලබා ගැනීම සඳහා කැපවී, වෙහෙස මහන්සි වී වැඩ කිරීම වෙනුවෙන් කළමනාකරු අමන්ද වීරසිංහ සහ පුහුණුකරු හසිත චානක සහ ක්‍රීඩිකාවන් භාර නිලධාරිණි හසලිකා සභාපතිවරයාගේ ස්තූතිය තබා ඇත.
සභාපතිවරයා පසුලිය කාලයේ උප සභාපතිවරයෙකු ලෙස යොවුන් ක්‍රීඩකයින්ගේ ප්‍රගතිය භාරව වැඩ කළ පුද්ගලයාය.ඔහුට ඒ ප්‍රගතිය ඊට ඉහළින් සභාපතිවරයාව සිට විඳින්නට සැළසී ඇත.ඒ ඉහළ යාමේ වෙහෙස ගැන ආත්ම තෘප්තියක්ද සහිතවය.ඒ සියල්ල සාර්ථක කර අනුග්‍රාහකයන් සොයා දීම මෙන්ම මේ ජයග්‍රහණය පිටුපස සිටි දැවන්තම රන් ආයෝජනය ලෙස රොහාන් ද සිල්වා ද රොෂාන්ගේ හදවතේ අකුරුවලට වඩා බරින් ලියැවී ඇති බව ද අප දනිමු.ඒ තනතුරරෙන් වෙනස් වුව ද මේ මොහොතේත් ශ්‍රී ලංකා බැඩිමින්ටන් පෙරමඟට ආශිර්වාද කරමින් අනුග්‍රාහකත්වයේ රැදී ඉන්නේ රොහාන්ම වන බැවිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එක්සත් ජනපදය විසින් සපයන ලද දිගු දුර මිසයිල රුසියාවට එරෙහිව භාවිතා නොකළ යුතු බවට පෙන්ටගනය නිවේදනය කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 24: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාවේ ඉලක්ක වෙත...

සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනයට කාර්ය සාධක බලකායක්. වසර දෙකක ඉලක්කයක්!

කොළඹ LNW:සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය වෙනුවෙන් ජනාධිපති කාර්යය සාධක බලකායක්...

තැපැල් වෘත්තීය සමිති ක්‍රියාත්මක කළ වැඩවර්ජනය අවසන්!

රෂිකා හෙන්නායක අගෝස්තු 24, කොළඹ LNW: අද (24) අමාත්‍යවරයා සමග...

පකිස්ථාන විදේශ අමාත්‍යවරයා සහ බංග්ලාදේශ නිලධාරීන් අතර සාකච්ඡා

රෂිකා හෙන්නායක අගෝස්තු 24, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පකිස්ථාන විදේශ අමාත්‍යවරයා...