පකිස්ථාන විදේශ අමාත්‍යවරයා සහ බංග්ලාදේශ නිලධාරීන් අතර සාකච්ඡා

Date:

රෂිකා හෙන්නායක අගෝස්තු 24, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

පකිස්ථාන විදේශ අමාත්‍යවරයා ඔහුගේ ‘ඓතිහාසික’ සංචාරයේදී බංග්ලාදේශ නිලධාරීන් සමඟ සාකච්ඡා පවත්වයි.

එහිදී පකිස්ථානය සහ බංග්ලාදේශය අතර සබඳතා තවදුරටත් වර්ධනය වීමත් සමඟ වෙළඳාම ඇතුළු ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීමට නියමිත බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි .

ඩකා සහ ඉන්දියාව අතර සබඳතා බිඳ වැටීම මධ්‍යයේ, දකුණු ආසියානු රටවල් දෙක අතර සබඳතා යළි පිහිටුවීමේ අරමුණින්, පාකිස්තාන විදේශ අමාත්‍ය ඉෂාක් ඩාර්, විදේශ කටයුතු උපදේශක ටූහිඩ් හොසේන් ඇතුළු ඉහළ පෙළේ බංග්ලාදේශ නිලධාරීන් සහ දේශපාලනඥයන් සමඟ සාකච්ඡා පවත්වා තිබෙන බවද වර්තා වේ.

2012 වසරෙන් පසු ඩකා නුවරට පැමිණි ජ්‍යෙෂ්ඨතම පාකිස්තාන නිලධාරියා වන ඩාර් ඊයේ(23) බංග්ලාදේශයට ගුවන් ගත වූ අතර එය “ඓතිහාසික” සහ “පකිස්තාන-බංග්ලාදේශ සබඳතාවල වැදගත් සන්ධිස්ථානයක්” ලෙස ඉස්ලාමාබාද් විසින් හැඳින්වීය.

පසුගිය අගෝස්තු මාසයේදී බංග්ලාදේශයේ ඇති වූ මහජන නැගිටීමකින් ෂෙයික් හසීනා අගමැතිනිය ධුරයෙන් පහකිරීමත් සමඟ ඇයට නවදිල්ලියට පලා යාමට සිදු වූ දා සිට ඩකා සහ ඉස්ලාමාබාද් අතර සබඳතා ලිහිල් වෙමින් පවතී.

හසීනා වඩාත් ඉන්දියාවට පක්ෂපාතී ලෙස සලකනු ලැබූ අතර, දෙරට අතර ගමන් සඳහා වීසා සීමාවන් ලිහිල් කළ බවට වාර්තා වීමෙන් දින කිහිපයකට පසු ඩාර්ගේ සංචාරය සිදු වූ බව පැවසේ.

අද (24) දිනයේදී පකිස්ථානය සහ බංග්ලාදේශය අතර වෙළඳාම ඇතුළු ගිවිසුම් කිහිපයක් අත්සන් කිරීමට නියමිත අතර, පසුගිය වසරේ මුහුදු වෙළඳාම ආරම්භ කළ රටවල් දෙක මේ වසරේ (2025) පෙබරවාරි මාසයේදී රජයෙන් රජයට වාණිජ්‍යය පුළුල් කළ බවද වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පැරදුණත් බට්ටි ලොක්කියෙක් බව ලොක්කියන්ට පෙන්වයි

නිශ්මං රණසිංහ ජනවාරි 11, කොළඹ LNW: නිල්,අළු,කොළ සහ රතු ලෙස...

විද්‍යාව විජ්ජාවක් කරගත්, ජනසංහාරය කලාවක් කරගත්, අධිකරණ තීන්දු වලටත් බය නැති “මව්වරුන්”

විද්‍යාව විජ්ජාවක් කරගත්, ජනසංහාරය කලාවක් කරගත්, අධිකරණ තීන්දු වලටත් බය නැති “මව්වරුන්”

අලුත් මරු සිනමාකරුවෙක් මතු වී ඇත

නිශ්මං රණසිංහ ජනවාරි 11, කොළඹ LNW: සැලෝලයිඩ් පටියක රහට පිංතූර...