දෙස් විදෙස් දානපතියන් වෙත කෙරෙන කාරුණික ආයාචනයයි..

Date:

කොළඹ කාසල් වීදියේ රෝහලේ මාතෘ සායනයේ දියවැඩියා තත්ත්වය සඳහා ලබාදෙන ද්‍රවිත ඉන්සියුලින් හි හිඟයක් මතුව ඇති බව වාර්තා වේ.

මෙමඟින් දියවැඩියාව තත්ත්වයෙන් පීඩා විඳින බොහෝ මව්වරුන් සඳහා අවශ්‍ය ඉන්සියුලින් මාත්‍රා ලබා ගැනීම පිළිබඳ විශාල ගැටළුවක් මතුව තිබේ.

දියවැඩියාව තත්ත්වය ඇතැම් විට මව්වරුන්ට ආරම්භයේ පටන්ම හෝ ගර්භණීභාවයේ ප්‍රතිඵලයක් ලෙස හටගැනෙන අතර, මෙහිදී ඔවුනට අවශ්‍ය ඉන්සියුලින් මාත්‍රා ලබා දීම බෙහෙවින් වැදගත් වේ.

රෝහලේ ද්‍රවිත ඉන්සියුලින් (soluble insulin) තොග අවසාන වී ඇති බැවින්, ඉදිරි මාස දෙකක පමණ කාලයක් සඳහා ද්‍රවිත ඉන්සියුලින් බඳුන් 300 ක ප්‍රමාණයක් අවශ්‍යව ඇති බව එම රෝහලේ විශේෂඥ වෛද්‍ය සමන් කුමාර මහතා අනාවරණය කරයි.

දියවැඩියා තත්ත්වය සඳහා ලබා දෙන ඉන්සියුලින් ඖෂධය ගර්භණී මවුවරුන්ට නොලැබී යාම මවට මෙන්ම දරුවාට ද බෙහෙවින් හානිකර විය හැකි බව පෙන්වා දෙන වෛද්‍යවරයා දෙස් විදෙස් දානපතියන්ගෙන් ඉල්ලා සිටින්නේ රෝහල්ගතව සිටින මව්වරුන් සඳහා අවශ්‍ය ද්‍රවිත ඉන්සියුලින් ලබා ගැනීම සඳහා උපකාර කරන මෙන් ය.

කාසල් වීදියේ රෝහල ශ්‍රී ලංකාවේ ඇති විශාලතම මාතෘ සායනය සහිත රෝහල වන අතර, මසකට දරු උපත් දහසකට ආසන්න සංඛ්‍යාවක් එහි දී සිදුවේ.

MIAP

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තහනම් වැඩෙත් තහනම් කරගන්නෙ නැතුව තියා ගන්න බැරිවීම

නිශ්මං රණසිංහ අගෝස්තු 20, කොළඹ LNW: ක්‍රීඩා අමාත්‍යවරයා සංවාදශීලී නැත.ඉතාම අසාර්ථක...

යුක්තියෙන් තොර සාමයක් නොමැත – පලස්තීනයේ නිදහස වෙනුවෙන් කොළඹදී පාගමනක්! (PHOTOS)

කොළඹ LNW: පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අද (20) කොළඹදී විරෝධතා...

අධිකරණයේ පෙනී සිටින ලෙස හිටපු ඇමති රාජිතට නොතීසි!

කොළඹ LNW:හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට එළඹෙන 29 වැනිදා...