ජොනිව අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු නිකුත් කරයි

Date:

හිටපු ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දුව අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තුවක් නිකුත් කර තිබේ.

ඒ,අධිකරණය මගහැර සිටීම සහ නියමිත ස්ථානවල රැඳී නොසිටීම සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක් නිකුත් කරන්නැයි නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුවය.

එම ඉල්ලීම සැලකිල්ලට ගෙන කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම වරෙන්තුව නිකුත් කර ඇත.

මැයි 9 වන දා අරලියගහ මන්දිරය ඉදිරිපිට මයිනාගෝගම සහ ගාලුමුවදොර ගෝඨාගෝගම ඇති වූ සිද්ධීන්ට අදාළව තමන් සැකකරුවකු වශයෙන් තමන්ව නම් කර ඇති අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ව අත් අඩංගුවට ගැනීමේ සූදානමක් ඇති බවත් එසේ තමන්ව අත් අඩංගුවට ගැනීම නීතියට පටහැණි හෙයින් එය වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙසත් හිටපු ඇමතිවරයා අභියාචනාධිකරණයට පෙත්සමක් ගොණු කර තිබුණි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...