ඇප ඉල්ලීමකදී උසාවියේ කරුණු සිද්ධ වෙන හැටි …

Date:

රනිල් වික්‍රමසිංහට එරෙහිව අධිකරණමය ක්‍රියාමාර්ගයක් ආරම්භ වී ඇති නිසා, ප්‍රමුඛතාවය දිය යුත්තේ 26 දිනට නියමිත නීති කෘත්‍යයටය.

26 දින නියම වී ඇත්තේ ඔහුගේ ඇප ඉල්ලීම සලකා බැලීමටය.

නඩු විභාගය සඳහා නොවේ.

රනිල් අත් අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන තෙක් වූ ක්‍රියා පටිපාටිය කාගේ හෝ පුද්ගලික හෝ පටු දේශපාලනික අවශ්‍යතාවයක් මත අවපැහැ ගැන්වී ඇති බව පැහැදිලිය.

අධිකරණයට අධිකරනයෙන් තාමත් පරිබාහිරව පවත්නා එකී කරුණු දීර්ඝ ලෙස සලකා බැලීමට 26 දිනයේ නොහැකිය. රනිල්ටත් වඩා යුක්තිය බලාපොරොත්තු වෙන විශාල පිරිසකගේ නඩු එම අධිකරණය තුළම විමසා බැලීමට මෙන්ම විභාග කිරීමටද ඇත.

ඒ අනුව මේ නඩුවට හිමි වන්නේ සීමිත කාලයක්‍ ය. ඒ කාලයෙන් භාගයක්ම රජයේ අධි නීතීඥවරයා ලබා ගත් පසු විත්තියට හිමි වනුයේ ඒ කාලෙනුත් භාගයක් ය.

ඇප ඉල්ලීමේදී ..,

  1. පැමිණිල්ලේ නඩුවේ මූලික හරය කඩා දමමින්, එනම් ජනාධිපතිවරයකුගේ පුද්ගලික සහ නිල වියදම් ගැන පැහැදිලි බෙදුම් රේඛාවක් ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවේවත් දක්වා නොමැති තත්වයක් තුළ සහ ජනාධිපතිවරායාගේ වැටුප් සහ දීමනා රජයේ ඒකාබද්ධ අරමුදලට වැය බරක් විය යුතු බවට වන වගන්ති ඉක්මවා පොදු දේපළ පනත යටතේ වන ප්‍රතිපාදන ක්‍රියාත්මක විය නොහැකි බවට වන මූලික විරෝධයක් විත්තියට දැක්විය හැකිය.

මේ විරෝධය රජයේ අධි නීතීඥවරයා මෙන්ම මහේස්ත්‍රාත් වරයාද දිගින් දිගට ප්‍රශ්න කරන පසුබිමක් බිහිවිය හැකි අතර, ඒ හමුවේ සහ ගැලරිය පිනවීමේ අරමුණ ඇතුව විත්තියේ නීතීඥවරු නඩු විභාගයේදී ඉදිරිපත් කල යුතු විත්තිවාචක නඩුව මුලදීම ඉදිරි පත් කර තමන්ගේ බලකොටුවට පහර දුන්නොත්, තමං ප්‍රති ප්‍රහාර දෙන ආයුධ කවරේද යන්න ප්‍රති විරුද්ධ පාර්ශ්වයට හෙළි දරව් කරමින් කරන රංගනයේ අවසානය වන්නේ, සියතිං දිවි නසා ගත්තා වැන්නේ වැඩක් ය.

  1. අනෙක් අතට මේ දෙගොල්ල දෙපැත්තට බෙදිලා කරන මේ වාද විවාද එකවර ග්‍රහණය කරගෙන නියෝගයක් දෙන්ඩ බැරි වුනාම සහ ඒවා අධ්‍යනය කරලා සනිකව නියෝගයක් දෙන්ඩ බැරි වුනාම, මහේස්ත්‍රාත්වරුන් දෙන්නේ කරුණු ‘සලකා බලා නියෝගයක් දෙන තෙක් චූදිත ඉදිරි දින තෙක් රක්ෂිත භාරයට පත් කරමි …’ වාගේ නියෝගයක් ය.

(මොකද මේ නඩුව මෙතෙක් දවස් අපේ උසාවිවල අහලා නැති නඩුවක් ය, සහ අනෙක් අතට මං මේ මලදානයේ තව දුරටත් එල්ලී සිටින්නේ මේ හරහා දේශපාලන බලාධිකාරයෙන් වැසී තිබුණු අඳුරු අවකාශයක් සමාජයට නිරාවරණය වීමට නියමිත බැවිනි.!)

ඒ හින්දා මේ නඩුවේ හරය අභියෝගයට ලක් කිරීමට විශාල කාලයක් ලබා ගැනීම විත්තියට අවාසිදායකය, පැමිනිල්ල වුනත් ඕනෑවට වඩා දෙඩවීම හරහා විත්තියට මෙතෙක් හමු නොවූ විත්තිවාචක පවා හමු විය හැකිය.

  1. ඇප ලබා ගැනීමේදී ඇප පනත අනුවනං මේ වන විට රනිල්ට ඇප ලැබිය හැකි මුත් , පොදු දේපළ පනත යනු “ඇප දීම රීතියයි, ඇප ප්‍රතික්ෂේප කිරීම ව්‍යතිරේඛයයි” යන ඇප පනතේ මූලික විදි විධානයට අදාළ පනතක් නොවේ.
  2. ඒ අනුව එකී පනතේ විධි විධාන ප්‍රකාරව ඇප ලබා ගැනීමට අවශ්‍ය සුවිශේෂී කරුණු දක්වා විධිමත් ඇප ඉල්ලීමක් කර , හිටපු ජනාදිපතිවරයාට ඇප ලබා ගැනීම ඔහුගේ නීතීඥවරුන්ගේ කාර්‍යයයි.
  3. පළපුරුදු නීතීඥවරුන් හරහා ගොස් එකී කාර්‍යය සම්පූර්ණ කර ගන් නැතුව, පන්සල්වල බෝධී පූජා , කෝවිල්වල දේව කන්නලව් , උද්ඝෝෂන, පෙලපාලි, මල ඉලව් කරලා ඒ මනුස්සයා බේර ගන්ඩ හිතාන ඉන්න එවුං එක්කනං මං නෑ.
  4. කවුරුවත් අනවශ්‍ය විදියට කුලප්පු වෙන්ඩ එපා, අපි සාධාරණ නඩු විභාගයකට යමු.!

~ නීතීඥ වසන්ත සිරි වටගොඩ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ 29 තෙක් යළි රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක අගෝස්තු 26, කොළඹ LNW: පසුගියදා අල්ලස් කොමිසම මගින්...

සමාජ මාධ්‍ය මඟින් අධිකරණ තීන්දුවලට බලපෑම් කිරීම පිළිබඳ BASL වෙතින් අනතුරු ඇගවීමක්!

කොළඹ LNW:අධිකරණ තීන්දු පිළිබඳ සමාජ මාධ්‍ය සහ යූටියුබ් නාලිකා...

ඉරානය යුදෙව් විරෝධී ප්‍රහාර මෙහෙයවන බවට ඕස්ට්‍රේලියාවෙන් චෝදනා..

රෂිකා හෙන්නායක අගෝස්තු 26, කොළඹ LNW: ඕස්ට්‍රේලියානු අගමැති ඇන්තනි ඇල්බනීස්,...

අද බන්ධනාගාරගතව සිටින්නේ රට තිරණාත්මක මොහොතේ බේරාගත් නායකයා – රුවන් විජයවර්ධන

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා විසින්...