*
Sunday, May 19, 2024
spot_img

Latest Posts

අමේශාට ද්විත්ව වාර්තා

මේ වන විටත් ජගත් කණිෂ්ඨ මලල ක්‍රීඩා සූරතාවලියට සුදුසුකම් ලබා සිටින අමේශා හෙට්ටිආරච්චි මෙවර ජාතික කණිෂ්ඨ මලල ක්‍රිඩා සූරතාවලියේදී මීටර් 400 කඩුලු ඉසව්වට මෙන්ම මීටර් 100 කඩුළු ඉසව්වටද නව තරග වාර්තා එක් කරන්නට සමත් වූවාය.මීටර් 400 මූලික තරගයේදී විනාඩි1:01.04 න් ඉසව්ව නිමා කළ අමේශා එම ඉසව්වේ නව තරග වාර්තාවේ උරුමක්කාරිය වූවාය.

මහනුවර උසස් බාලිකා විද්‍යාලය නියෝජනය කරන අමේශාට මීටර් 100 කඩුලු මතින් දිවීමේ තරගයේදී මහනුවරින්ම දැඩි අභියෝගයක් එල්ල විය.ඇය එම ඉසව්ව තත්පර 14.86 ක් කාලයකින් නව තරග වාර්තාවක් සමඟ ජය ගත්තද දෙවන ස්ථානය දිනූ මහනුවර ස්වර්ණමාලි බාලිකා විද්‍යාලයේ සමාධි ලක්ෂාණි දිසානායක වාර්තා කළ තත්පර 14.93 ද පැරණි වාර්තාව ඉක්මවා තිබුණාය.එසේම එහි තෙවැන්නිය වුවේද මහනුවර මහමායාවේම දහම්සා කහන්ගම ය.

LNW ඊයේ මතු කර පෙන් වූ සුගත් තිලකරත්න ඇතුළු දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් රටට දායාද කළ අනුර බණ්ඩාරයන්ගේ මඟ පෙන්වීමෙන් මෙවර තරගාවලිය නියෝජනය කරන ලද ක්‍රීඩක ක්‍රීඩිකාවන් ද අප අනාවැකිය සනාත කරමින් අඹගමුව විද්‍යාලීය ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සිය ඉසව්වලදී ඉහළ දක්ෂතා දැක්වුහ.මේ වන විට ජාතික තේරීම් තරගවලදීද කැපී පෙණෙන දක්ෂතා දක්වා ප්‍රථම ස්ථානය පවා දිනාගෙන සිටින අවුරුදු 20 න් පහළ වයස් ඛාණ්ඩයේ තරග වඳින කේඑම්ඩී දර්ශණගේ දක්ෂතා ඒ අතරින් කැපී පෙණින.ඔහු නව තරග වාර්තාවක් තබමින් මීටර් 400 කඩුලු මතින් දිවීමේ තරගය ජයගත්තේ තත්පර 52.11 ක කාලයක් වාර්තා කරමින්ය.එසේම අවුරුදු 18 න් පහළ බාලක මීටර් 400 කඩුලු ඉසව්ව අඹගමුව විද්‍යාලයට දිනා දීමට කේඑල්ඒ අකලංක සමත් විය.බාලිකා මීටර් 300 කඩුලු අවුරුදු 16 න් පහළ තරඟයේදී පළමු සහ තෙවන තැන අඹගමුවට හිමි විය.ඒ පිළිවෙලින් එස්ඒඩ්අයි සෙනුරිකාට සහ නිපුනි වීරකෝන්ට ය.

නිපුනි මීටර් 100 කඩුලු ඉසව්වේද දෙවන තැන දිනුවේ මේ තරග උළෙලේ තමන් සහභාගි වූ ඉසව් තුනෙන්ම ස්ථාන දිනා ගැනීමේ භාග්‍යය උදා කර ගනිමින්ය.ඇය 16 න් පහළ වයස් ඛාණ්ඩයේ මීටර් 100 කඩුලු සහ දුර පැනීම ඉසව්වවල දෙවැන්නියත්,මීටර් 400 කඩුලු ඉසව්වේ තෙවැන්නියත් වන්නට භාග්‍යය ලද්දාය.

මෙවර තරගාවලිය තරගකාරී මට්ටමෙන් මෙන්ම සහභාගීත්වයෙන්ද වැදගත් එකකි.විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ගුරුවරුන් ව්‍යාප්තියට ප්‍රතිපත්තිමය වශයෙන් රජය මැදිහත්වීම සිදු කළ අවසථාවේ දී ඊට දායකත්වය දුන් සුනිල් ජයවීරගේ සංකල්පයක්ම මෙවර තරගාවලියට ක්‍රීඩක සහභාගීත්වය වැඩි වීම කෙරෙහිද බල පා තිබෙන බව දැකිය හැකිය.ඔහු මීට වසර කිහිපයකට පෙර නැවත අධ්‍යාපන අමාත්‍යංශයේ උපදේශකත්වය දරණ සමයේ සංකල්පමය දායකත්වය දෙමින් පාසල් වෙත හඳුන්වා දුන් පුහුණුකරු ධූරයන් ද මේ සහභාගීත්වය වැඩි වීම කෙරෙහි මෙන්ම අලුත් පාසල්වල නම් ජයග්‍රහණ අතර රැඳෙන්නට ද යම් ආකාරයක බලපෑමක් කර තිබෙන බව පැහැදිළිය.

අද තරගාවලියේ තෙවන දිනය යි.

RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan