සටහන – පුලී
අගෝස්තු 25, කොළඹ (LNW):

“Your English teacher and your gym teacher are getting married.”
එක් පෙළක සටහනක් සමඟින්, පින්තූර පහකින් යුත් ඉන්ස්ටග්‍රෑම් සටහනක් තම ගිණුමෙහි පළ කරමින්, ලෝක ප්‍රකට ගායිකා ටේලර් ස්විෆ්ට්, ඇමරිකානු පාපන්දු ක්‍රීඩක ට්‍රැවිස් කෙල්ස් සමඟ ඇගේ විවාහ ගිවිස ගැනීම නිවේදනය කළේ අන්තර්ජාලය කලඹවමිනි.
වසර දෙකක කාලයක් එකට පෙම් සුව විදි මෙම යුවළගේ නව ආරම්භය සමාජ මාධ්‍ය වේදිකාව තුළ කාගේත් කතා බහට ලක් වූ ටොප් නිවුස් එකක් වී හමාරය.
NFL තරුවක් වන කෙල්ස්, ස්විෆ්ට් දණ නමා ප්‍රපෝස් කරන අවස්ථාවේදී, එකිනෙකාගේ දෑස් දෙස බලා වැළඳ ගනිමින් සිටින අයුරු ඡායාරූපගත කර මෙලෙස සමාජ මාධ්‍ය වෙත මුදා හැර තිබේ.


ගිවිස ගැනීමේ මුදුව පිළිබඳ කතා කළහොත්, ඇමෙරිකානු වාර්තාවලට අනුව මෙම මුද්ද Artifex Fine Jewellery වෙතින් මිලදී ගෙන ඇති අතර එහි වෙබ් අඩවියේ මුදු මිල ඩොලර් 29,000 (£21,506.26) පමණ ගණනකින් ආරම්භ වන බව සැලෙකේ.
රෝස මල්, ඇනිමෝන්, ඩෙල්ෆීනියම් සහ හයිඩ්‍රේන්ජා මල් වලින් සැරසුණු අලංකාර ස්ථානයක ඔවුන්ගේ ආදරය මෙසේ බෙදා ගත්හ.