කටාර් වෙනුවෙන් එල්ල කළ රාජකීය ප්‍රහාරය

Date:

නිශ්මං රණසිංහ අගෝස්තු 28, කොළඹ LNW:

කොළඹ රාජකීය විද්‍යාලීය ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ ඉමාල් ලියනගේ ලංකාවේ පළමු පෙළ ක්‍රිකට් තරගවලදී තවමත් නුහුරු නමක් නොවේය.මේ වසරේ මුල් මාස කිහිපයේදී ද ඔහු මහනුවර සීසීසී කණ්ඩායම නියෝජනය කරමින් තරග කළේය.ඔහු මේ වසරේ ජනවාරි 03 වන දා මහනුවර කණ්ඩායම වෙනුවෙන් කුරුණෑගල ක්‍රීඩා සමාජයට එරෙහිව කුරුණෑගලදීම ලකුණු 85 ක් රැස් කරන්නට ද සමත් විය.


කොළඹ රාජකීය විද්‍යාලයෙන් ඉනික්බිති බදුරලිය,ටැමිල් යූනියන් මෙන්ම මහනුවර කණ්ඩායම ද නියෝජනය කර ඇති ඉමාල්ගේ නම රාජකීය වටිනාකමකින් මේ මොහොතේ ප්‍රචාරය වන්නේ ශ්‍රී ලංකාවේවත් නොවේය.කටාර් රාජ්‍යයේ ක්‍රිකට් ක්‍රීඩාව සමඟය.
ඉමාල් කටාර් ක්‍රිකට් ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවාය.ඔහු කෙන්යාවට එරෙහිව ඉණිම අරඹමින් 2025 අගෝස්තු 24 වන දා රැස් කළ ලකුණු 107 කටාර් ජාතික කණ්ඩායම වෙනුවෙන් ජාත්‍යන්තර පළමු පෙළ ක්‍රිකට් තරගයක ක්‍රීඩකයෙකු රැස් කළ පළමු ශතකය වන්නේය.පන්දු 136 දී හතරේ පහර 12 ක් සමඟ ගලා ආ එම ශතකය පහසු එකක් නොවේය.


කෙන්යාව ජාත්‍යන්තර එක්දින පිටියේදී සනත් ජයසූරියගේ නායකත්වය යටතේ ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම ද පරාජය කළ කණ්ඩායමක්ය.ඔවුන්ගේ ක්‍රිකට් ක්‍රීඩාව මේ වන විට එදා තත්ත්වයෙන් පහත වැටී තිබුණ ද ඕනෑම ක්‍රීඩකයෙකුට ශතකයක් ලබා ගත හැකි තරමට පහළ දමා අදහස් දැක්විය නොහැකිය.2024 දී ද ඔවුන් කෙන්යාව ඉදිරියේ පරාජය ලැබූ කණ්ඩායමක්ය.


කටාර් ක්‍රිකට් වෙනුවෙන් ජාත්‍යන්තර පළමු පෙළ තරගයක මීට පෙර වාර්තා වී ඇති ශතක දෙකම කාන්තා ක්‍රිකට්වලදී වාර්තා වී ඇති අතර එම ශතක දෙකම එකම තරගයකදී සවුදි අරාබියට එරෙහිව වාර්තා වී ඇත.එහිදී අයිෂා නොදැවී ලකුණු 113 ක් සහ ෂහරීන් බහදූර් නොදැවි ලකුණු 104 ක් ලෙස සවුදි අරාබියාවට එරෙහිව එම ලකුණු වාර්තා කර ඇත්තේ 2022 මාර්තු 25 වන දා ය.ඉමාල් රැස් කළ ශතකයද නොදැවී කටාර් රාජ්‍යයට කඩුුලු 8 ක ජයක් කරා යන්නට මඟ පෙන්වන ලද ශතකයකි.එහි ලකුණු විස්තරය පහතින් දක්වා ඇත.


ඉමාල් රාජකීය විද්‍යාලයට නායකත්වය දුන්,ශ්‍රී ලංකාව නියෝජනය කළ භානුක රාජපක්ෂ,කිත්රුවන් විතානගේ,රමිත රඹුක්වැල්ල,චාමික කරුණාරත්න වැනි ක්‍රීඩකයන් සමග රාජකීය විද්‍යාලය නියෝජනය ක ක්‍රීඩකයෙකු ද වන්නේය.
ඉමාල් කටාර් වෙනුවෙන් මංගල ශතකය වාර්තා කළ තරගයේ ලකුණු විස්තරයට පිවිසෙන්න.https://bit.ly/3JC809Z

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝක ෆැසිස්ට් විරෝධී යුද ජයග්‍රහණයේ 80 වන සංවත්සරය වෙනුවෙන් අනුස්මරණ උත්සවයක් කොළඹදී!

කොළඹ LNW:ලෝක ෆැසිස්ට් විරෝධී යුද්ධය සහ ජපන් ආක්‍රමණයට එරෙහි...

නීතියට උඩින් යන්න කාටවත් ඉඩක් නැහැ. අපි නීතියේ ආධිපත්‍ය රකිනවා – මහජන ආරක්ෂක ඇමති

කොළඹ LNW: නීතියට උඩින් කිසිවෙක් නොමැති අතර නීතිය ඉදිරියේ...

කොළඹ උතුරයි දකුණයි අවසන් තරගයට පැමිණෙයි

නිශ්මං රණසිංහ අගෝස්තු 28, කොළඹ LNW: ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු...

අස්ගිරි පාර්ශ්වයේ අනුනායක ධූරය සඳහා පැවැත්වෙන නිලවරණය අද!

රෂිකා හෙන්නායක අගෝස්තු 28, කොළඹ LNW: මේ වන විට ,...