ලෝක ෆැසිස්ට් විරෝධී යුද ජයග්‍රහණයේ 80 වන සංවත්සරය වෙනුවෙන් අනුස්මරණ උත්සවයක් කොළඹදී!

Date:

කොළඹ LNW:ලෝක ෆැසිස්ට් විරෝධී යුද්ධය සහ ජපන් ආක්‍රමණයට එරෙහි චීන මහජන යුද්ධය ජයග්‍රහණය කිරීමේ 80 වන සංවත්සරය “යුද්ධයේ අවසානය, සාමයේ බලාපොරොත්තුව 1945-2025” යන මැයෙන් 26 වැනිදා ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂ මූලස්ථානයේ දී පැවැත්විය.

දෙවන ලෝක මහා යුද්ධයේ ආසියානු පෙරමුණේ යුද්ධය අවසන් වීම සිදුවූ සැප්තැම්බර් 3 වෙනිදාට මෙම 80 වන සංවත්සරය යෙදී තිබේ. ආසියානු මහද්වීපයේ බලය තහවුරු කරගැනීම වෙනුවෙන් සිදුවුණු ජපන් ආක්‍රමණයට එරෙහිව මෙම යුද පෙරමුණේ සටන් ඇවිලී ගියේය. එම ආක්‍රමණයට විරුද්ධව ප්‍රධාන වශයෙන් සටන් කරනු ලැබුවේ චීන හමුදාවයි.

මෙම අනුස්මරණ උත්සවය වෙනුවෙන් දේශපාලන පක්ෂ රැසක නායකයින් එක්ව සිටියහ.

මෙම උත්සවයේ දී ආගමික නායකයින් විසින් සාම ප්‍රකාශයක්ද එළිදැක්වීය. එය නම් කර තිබුණේ සිරි සරණංකර සාම ප්‍රකාශය වශයෙනි. එම ප්‍රකාශය දේශපාලන පක්ෂ නායකයින්ට සහ තානාපතිවරුන් වෙත පිළිගැන්වීය.

මෙම අවස්ථාවට ගෞරවනීය මහා සංඝරත්නය, අනෙකුත් සියලුම ආගම්වල පූජකතුමන්ලා, ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂවල නියෝජිතයින්, විදෙස් තානාපතිවරුන් සහ රාජ්‍ය තාන්ත්‍රිකයින්, සමාජ-දේශපාලන ක්‍රියාකාරීන්, විද්වතුන්, ඇතුළු මහජනතාව එක්ව සිටියහ.

දිනූෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මන්නාරම Hayleys Fentons සුළං විදුලි බලාගාරයේ ඉදිකිරීම් ජනපති අනුරගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ !

වසර 2050 වන විට ශුද්ධ ශුන්‍ය කාබන් විමෝචන ඉලක්කය...

ඉරානය සිය ගුවන් අවකාශය වසා දමයි

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 15: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ රාජාණ්ඩුවට එරෙහි...

දිට්වා ආපදාවෙන් 93%කට ජීවනෝපායට දැඩි බලපෑම්!

කොළඹ LNW:ආපදාවට ලක්වූ ප්‍රදේශවල 93%ක ජනතාව සිය ජීවනෝපායන්ට බලපෑම්...

දියගමට පරිසර හිතකාමී කෙළි බිමක්…?

සටහන – නිෂ්මං රණසිංහ ජනවාරි 15, LNW (කොළඹ): පරිසර හිතකාමී...