සටහන: සශිකලා මධුෂාණි
අප්‍රේල් මස 16; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරාන යුද්ධයට සහය නොදක්වන්නේ නම් බ්‍රිතාන්‍ය තීරු බදු ඉහල නැංවීම හා පවතින වෙළඳ ගිවිසුම් සංශෝධනය කරන බවට කරන ලද තර්ජනය තමා ප්‍රතික්ෂේප කරන බවත්, තමා යටත් නොවන බවත්, එක්සත් රාජධානියේ අග්‍රාමාත්‍ය කියර් ස්ටාමා ප්‍රකාශ කර තිබේ.
පසුගිය මාසයේ ඉරානයට එරෙහි එක්සත් ජනපදයේ ආරම්භක ප්‍රහාර සඳහා බ්‍රිතාන්‍ය කඳවුරු භාවිතා කිරීමට ඉඩ දීම ප්‍රතික්ෂේප කිරීම, එක්සත් රාජධානියේ ගුවන් යානා ප්‍රවාහන නෞකා සම්බන්ධයෙන් හා චාගෝස් දූපත් වල ස්වෛරීභාවය ආදිය සම්බන්ධයෙන් ජනාධිපති ට්‍රම්ප් අගමැති ස්ටාමා සමඟ කෝපයට පත් වූ අතර ඉන් අනතුරුව අවස්ථා ගණනාවකදී ජනාධිපති ට්‍රම්ප් විසින් අගමැති ස්ටාමා සමච්චලයට ලක් කර තිබිණි.
කෙසේ නමුත් අගමැති ස්ටාමා වැඩිදුරටත් සඳහන් කර තිබුණේ,’ ‘මම මගේ අදහස වෙනස් කරන්නේ නැහැ. මම යටත් වෙන්නේ නැහැ. මෙම යුද්ධයට සම්බන්ධ වීම අපගේ ජාතික අවශ්‍යතාවයක් නොවන බවයි.‘



