ජොනි කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට භාර වෙයි

Date:

ගාලූ මුවදොර සහ අරලියගහ මන්දිරය ඉදිරිපිට පැවති සාමකාමී විරෝධතාවලට ප්‍රහාර එල්ල කිරීමේ සිද්ධියට අදාළ සැකකරුවෙකු ලෙස නම් කර සිටින හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ භාරවී තිබේ.

අද රාත්‍රී 08 ට පෙර අධිකරණයට භාරවෙන ලෙස අභියාචනාධිකරණය ඔහුට අද දහවල් නියෝග කළ අතර එතෙක් ඔහු අත්අඩංගුවට ගැනීමෙන් වළකින ලෙසයි අභියාචනාධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේ.

තමන් අත්අඩංගුවට ගැනීම වැලැක්වීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු අමාත්‍යවරයා විසින් ගොණු කළ රිට් පෙත්සම අද (09) අභියාචනාධිකරණය හමුවේ සලකා බැලීම සිදුවිය.

මෙහිදී හිටපු අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කර තිබෙන රීට් පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන්නැයි නීතිපතිවරයා අභියාචනාධිකරණයෙන් ඉල්ලීමක් කර තිබුණි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Trendy Thursday: 2026 සරත් සෘතුවේ NYFW විලාසිතා ආකරයේ හයිලයිට්ස්!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/b3ST-gfkWeM සටහන – පුලී පෙබරවාරි...

ට්‍රම්ප්ගෙන් බිඳී, එක්සත් ජනපද මන්ත්‍රී මණ්ඩලය කැනඩාවේ තීරුබදු අවසන් කරන පනතක් සම්මත කිරීමට ඡන්දය දෙයි…

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): කැනඩාව මත පනවා...

ජනනි රනින්,බුද්ධික රිදියෙන් ලක්මව සරසයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: ඩුබායි හී පැවත්වෙන ලෝක...