දකුණු කොරියාවේ ගිණි තැබීමක් හේතුවෙන් හත් දෙනෙක් මරුට

Date:

දකුණු කොරියාවේ Daegu නගරයෙහි නීති ආයතනයක් ඉලක්ක කොට ගිනි තැබීමක් සිදුකළ බවට සැක කෙරෙන ප්‍රහාරයකින් , පුද්ගලයන් හත් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

නගරයේ දිසා අධිකරණය අසල කාර්යාල ගොඩනැගිල්ලක බ්‍රහස්පතින්දා උදෑසන ඇති වූ ගිනිමය පිපිරීමෙන් අවම වශයෙන් තුවාල ලැබූ පුද්ගලයන් සංඛ්‍යාව 46ක් පමණ වන බව කියැවේ.

මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් තව දුරටත් හේතුව අනාවරණය නොවන අතර , එය ගිණි තැබීමක් විය හැකි බව පොලීසිය විශ්වාස කරන බව වාර්තා වේ.

සැකකාර අපරාධකරු වයස අවුරුදු 50ක පමණ පුද්ගලයකු වන අතර , ඔහු එම ස්ථානයේදීම මියගොස් සිටි බව බලධාරීහු පවසති.

ගින්න හටගත් පසු ගිනි නිවන භටයන් 150කට අධික පිරිසක් මධ්‍යම ස්ථානයට යොදවා ගින්න නිවීමට උත්සහ ගත් අතර , විනාඩි 20 ක පමණ කාලයක් ඒ වෙනුවෙන් ගත වූ බව නිලධාරීහු පවසති.

සශිකලා මධුෂාණී – අවුට්බවුන්ඩ් ටුඩේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

උතුරු සුඩානයේ මගී යාත්‍රාවක් පෙරළෙයි: 21 ක් ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): උතුරු සුඩානයේ නයිල්...

යක්ෂයා වාර්තා සමඟ ජය ලබමින් ඇත.

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: ශ්‍රී ලංකාව ඕමානයට එරෙහිව...

PSTA ප්‍රජාතන්ත්‍රවාදයත් අහිමි කරලා ආර්ථික වරප්‍රසාදත් අහිමි කරනවා – ජී.එල්.

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා...

ඇමරිකාවේ Seattleහි දී පොලිස් රථයකට බිලි වූ ඉන්දීය ශිෂ්‍යාවගේ පවුලට ඩො.මිලියන 29ක වන්දියක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකාවේ සියැටල් (Seattle)...