අධිකරණය මඟ හැරිය හිටපු ඇමතිට වෙච්ච දේ! (PHOTOS)

කොළඹ LNW: හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ලබන 09 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

හිටපු ඇමතිවරයා අත්අඩංගුවට ගැනීම සඳහා පසුගිය 12 වැනිදා අධිකරණය විසින් වරෙන්තු නිකුත් කර තිබුණි.

දිගින් දිගටම අධිකරණයට පෙනී නොසිටීම හේතුවෙන් අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසමේ කරුණු දැක්වීම මතයි අධිකරණය විසින් සේනාරත්න මහතාට එරෙහිව වරෙන්තු නිකුත් කරන ලද්දේ.

අද දින මහාධිකරණයේ විභාග වූ නඩුවකට පෙනී සිටීම සඳහා හිටපු අමාත්‍යවරයා අධිකරණය පැමිණ සිටි අතර එහිදී ඔහුට එරෙහිව පැවති වරෙන්තුව හේතුකොටගෙන ලබන 01 වැනිදා දක්වා මහාධිකරණය විසින් ඔහුව රක්ෂිත බන්ධනාගාර ගතකරන ලදී.

අනතුරුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළේය.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එජාප නීති කමිටුවේ සභාපති ධුරය රොනල්ඩ් සී. පෙරේරාට!

එක්සත් ජාතික පක්ෂයේ නීති කමිටුවේ සභාපති වශයෙන් ජනාධිපති නීතිඥ...

අද (31) දවසේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන ප්‍රදේශ මෙන්න

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 31) දිනයේදී බස්නාහිර, සබරගමුව,...

එජාපයේ ප්‍රතිසංවිධානයක්. මිලේනියල් UNP සහ Gen Z UNP නිල වශයෙන් ප්‍රකාශයට පත්කරයි

එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ප්‍රතිව්‍යුහගත කරමින් මිලේනියල් UNP සහ...

කොළඹ උද්ධමනය 8.3% දක්වා ඉහළට !

ගෙවුණු ඔක්තෝබර් මාසයේදී කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම්...