SCO සංවර්ධන බැංකුව ස්ථාපිත කිරීමට චීන ජනපතිගෙන් යෝජනාවක්

Date:

කොළඹ LNW:ශැංහයි සහයෝගිතා සංවිධානයේ රාජ්‍ය නායක කවුන්සිලයේ 25 වන සමුළුව අද චීන ජනපතිගේ ප්‍රධානත්වයෙන් අද ආරම්භ වුණා. ඒ චීනයේ Tianjin නගරයේ Meijiang සමුළු මධ්‍යස්ථානයේදී.

මෙම සමුළුවට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සහ රුසියානු ජනපති ව්ලැදිමීර් පුටින් ඇතුළු රටවල් රැසක නායකයෝ එක්ව සිටිනවා. ශැංහයි සහයෝගිතා සංවිධානය ලොව විශාලතම කලාපීය සංවිධානයයි. මේ වනවිට රටවල් 26ක් ඊට එක්ව සිටින අතර, 50කට වැඩි ක්ෂේත්‍රවල සහයෝගීතා පවත්වා තිබෙනවා. එහි සමස්ත ආර්ථීක නිමැවුම ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 30 කට ද ආසන්නයි. ගෙවී ගිය වසර 24 තුළ, ශැංහයි සහයෝගිතා සංවිධානය සාර්ථක ජයග්‍රහණ රුසක් අත්කර ගෙන ඇති බව චීන ජනාධිපති ෂී ජින් පිං මහතා එහිදී ප්‍රධාන දේශනය සිදු කරමින් කියාසිටියා.

වෙනස් වන ලෝකය හමුවේ, සියළු සාමාජික රටවල් එම සංවිධානයේ අරමුණු අනුගමනය කිරීමේ වැදගත්කම ද ඔහු පෙන්වා දුන්නා. එමෙන්ම ශැංහයි සහයෝගිතා සංවිධාන සංවර්ධන බැංකුව කඩිනමින් ස්ථාපිත කරමින් ආර්ථික සංවර්ධනය සහතික කළ යුතු බව ද ඔහු සඳහන් කළා.

පොදු පදනමකින් අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සහ පොදු ජයග්‍රහණ, විවෘතභාවය සහ සහභාගිත්වය, සාධාරණත්වය සහ යුක්තිය, ප්‍රායෝගිකත්වය සහ කාර්යක්ෂමතාව යන කරුණු වෙත අනුගත විය යුතු බව ද ඔහු අවධාරණය කර තිබෙනවා.

දිනූෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාතාලයින් වමාරද්දී දේශපාලනඥයින් හොඳටම බයවෙලා. සමහරු පන්සල් යනවා, සමහරු දේවාල ගානේ යනවා ?

වත්මන් රජය විසින් ගෙනයන පාතාල මර්දන මෙහෙයුමේදී අත් අඩංගුවට...

හල්ලොලුවගේ වාහනයට වෙඩිතැබීම : නීතීඥයකු අත් අඩංගුවට ගැනීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල්වරයා...

තිස්සමහාරාම පොලීසියේ කැබ් රථය උස්සලා ?

තිස්සමහාරම පොලීසියේ ජංගම පොලිස් කැබ් රථය ඊයේ (03) රාත්‍රියේ...

කමිදු ගිය නුවණ දුෂාන් ලවා අද්දයි

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 03, කොළඹ LNW: සිම්බාබ්වේ සංචාරයේ නිරත ශ්‍රී...