Tasty Tuesdays: කට අවුස්සන ගම්බඳ පොලොස් කරිය (Polos Curry)– Sri Lanka’s Young Jackfruit Delight 🇱🇰

Date:

සෑම අඟහරුවාදා දිනකම “Tasty Tuesdays” තුළින් ඔබට ආහාර පාන, රෙසිපීස් හැඳෙන හැටි, රෙස්ටුරන්ට් රිවීව්ස්, වයිරල් යන ඩිෂස්, මෙන්ම සංස්කෘතික ආහාර රටාවන් පිළිබඳ මනා අවබෝධයක් ලබා ගත හැකි වනු ඇත. රැඳී සිටින්න අප සමඟ!

සටහන – පුලී

සැප්තැම්බර් 02, කොළඹ (LNW): පොලොස් කරිය ගැන කතා කරද්දී, කොස් පැහෙන්නට පෙර පොලොස් ලෙස ව්‍යවහාරිකව හඳුන්වන අතර එය කඩා සාදන ලද සාම්ප්‍රදායික ශ්‍රී ලාංකික ආහාරයක් කීවොත් මා නිවැරදි ය. සියවස් ගණනාවක් තිස්සේ, ශ්‍රී ලාංකිකයන් කොස් ගෙඩිය “ආශ්චර්යමත් බෝගයක්” ලෙස සලකනු ලැබුවේ එය බහුවිධ, රසවත් ලෙස සැකසිය හැකි සහ දිවයින පුරා බහුල ලෙස වැඩෙන බැවිනි.

යටත් විජිත සමයේ සහ ආහාර හිඟය තුළ, කොස් පරිභෝජනයට ගැනීම සහ විශේෂයෙන්ම පොලොස් කරියක් සැකසීම බොහෝ පවුල් සඳහා හරි හමන් ආහාරයක් වූ අතර, එය දුප්පතාගේ ජීවිතය ගැට ගහගන්නට පහළ වූ අඟනා ආහාරයකි. අද, එය ශ්‍රී ලාංකික සූපශාස්ත්‍ර උරුමය නියෝජනය කරන රසවත් නිර්මාංශ කරියක් ලෙස මෙම පොලොස් කරිය හඳුනාගත හැක.



පොලොස් කරිය ගැන කෙටියෙන්;
• මෘදු නොපැහුණු කොස් ගෙඩි භාවිතා කරයි, එය මස් වලට සමාන නිර්මාංශ අහරක් බඳුය.
• යහමින් කුළුබඩු, බැදපු කරපිංචා කුඩු, පොල් කිරි සහ ඇරෝමැටික ඖෂධ පැළෑටි වලින් මඳ ගින්නේ පිසිනු ලැබේ.
• එහි හෘදයාංගම රසය නිසා නිර්මාංශිකයින් මෙන්ම එසේ නොවන අයවලුන් පවා ප්‍රිය උපදවන ආහාරයකි.
• සාමාන්‍යයෙන් බත්, ඉඳිආප්ප හෝ රොටි සමඟ ආහාරයට පිළිගන්වනු ලැබේ.

පොලොස් කරියේ වට්ටෝරුව;

අවශ්‍ය ද්‍රව්‍ය;
• පොලොස් කැබලි ග්‍රෑම් 500 ක් පමණ
• ලොකු ළූණු 1 (කැබලි කපා)
• සුදුළූණු
• ඉඟුරු (ගාගත්)
• අමු මිරිස් 2–3
• අබ ඇට තේ හැඳි 1
• කරපිංචා
• කහ කුඩු තේ හැඳි 1
• බැදපු කරපිංචා කුඩු තේ හැඳි 2
• මිරිස් කුඩු තේ හැඳි 1
• කුරුඳු, එනසාල්, කරාබුනැටි
• ඝන පොල් කිරි කෝප්ප 1
• දිය කිරි කෝප්ප 1 (හෝ ජලය)
• පොල්තෙල් මේස හැඳි 2
• රස අනුව ලුණු

සකස් කරන ආකාරය;

1. මැටි බඳුනක හෝ පෑන් එකක පොල්තෙල් රත් කරන්න. ඊට අබ ඇට එකතු කරන්න.
2. ළූණු, සුදුළූණු, ඉඟුරු, අමු මිරිස් සහ කරපිංචා එකතු කරන්න. සුවඳ එනතුරු බැදගන්න.
3. කහ, මිරිස් කුඩු සහ බැදපු කරපිංචා එකතු කරන්න.
4. පොලොස් කැබලි එකතු කර කුළුබඩු හොඳින් දමන්න.
5. දිය කිරි (හෝ වතුර) වත් කර ඊට කුරුඳු, එනසාල් සහ කරාබුනැටි එකතු කරන්න. පසුව භාජනය ආවරණය කර පොලොස් මෘදු වන තෙක් මිනිත්තු 30-40ක් පමණ පැසෙන්නට ඉඩ හරින්න.
6. මඳුළු මෘදු වූ පසු, ඝන පොල් කිරි එකතු කර කරිය උකු වන තෙක් තවත් විනාඩි 5-10ක් පමණ පිස ගන්න.
7. රස අනුව ලුණු එක් කරන්න.
8.බත්, පාන් හෝ රොටී සමඟ උණු උණුවෙන්ම පිළිගන්වන්න.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පොලිස්පතිවරයාට නියෝගයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 02, කොළඹ LNW: ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පොලිස්පතිවරයාට...

ඉන්දුනීසියාව පුරා පැතිර යමින් ඇති විරෝධතා රැල්ල ප්‍රචණ්ඩකාරී මුහුණුවරකට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රජයේ වියදම් ඉලක්ක...