අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්ට එරෙහිව අල්ලස් කොමිසමටම පැමිණිල්ලක් !

Date:

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක මහතාට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

ඒ, රංග දිසානායක මහතා හෝමාගම මහේස්ත්‍රාත්වරයා වශයෙන් කටයුතු කළ සමයේදී නියමිත චක්‍රලේඛවලට පටහැනිව සිය පුත්‍රයා කොළඹ රාජකීය විදුහලට ඇතුළත් කරගෙන ඇති බවට චෝදනා කරමිනි.

දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි රවීන්ද්‍ර නිශ්ශංක නමැති අයකු විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇති අතර රංග දිසානායක මහතා හෝමාගම ප්‍රදේශයේ සේවය කරමින් සිටියදී පුත්තලමට ස්ථාන මාරුවක් ලැබුණු අවස්ථාවේදී එවකට අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මාර්ගයෙන් මෙසේ සිය පුත්‍රයා කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුළත් කර ඇති බවත් එම කාර්යය ඔහුට සිදුකර දී ඇත්තේ හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර විසින් බවට සඳහන් වන යූටියුබ් වීඩියෝ සහ ෆේස්බුක් සටහන් කිහිපයක් උපුටා දක්වමින් මෙම පැමිණිල්ලෙහි සඳහන් කර ඇත.

ඒ අනුව අදාළ දරුවා කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුළත් කිරීම සහ රංග දිසානායක මහතා හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර සමග සමීප සබඳතා පැවැත්වීම ගැන විධිමත් විමර්ශනයක් සිදුකරන ලෙස පැමිණිල්ලෙන් ඉල්ලා ඇත.

මෙම පැමිණිල්ල භාරගන්නා බවත් අල්ලස් කොමිසම විසින් පැමිණිලිකරුට දැනුම් දී ඇති අතර කෙසේවෙතත් පැමිණිල්ල භාරගැනීම මගින් පමණක් මේ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකිරීම සහතික නොකරන බවත් පැමිණිල්ල සම්බන්ධයෙන් ගනු ලබන තීරණය කොමිෂන් සභාව විසින් ලබාදුන් පසුව පැමිණිලිකරුට දැනුම් දෙන බවත් අල්ලස් කොමිසම විසින් දැනුම් දී තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තායිලන්තයේ නව අග්‍රාමාත්‍ය ධුරය වෙනුවෙන් කංසා නීති වෙනුවෙන් පෙනී සිටි ධනපතියකු පෙරමුණට

සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 05: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): තායිලන්තයේ මීළඟ...

සජිත්ගේ පුරෝකථනය!

කොළඹ LNW:2028 වසරේ සිට විදෙස් ණය ගෙවීමට නම් 2025,...

ආකාශ් යළි ක්‍රියාත්මක වෙයි

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 05, කොළඹ LNW: යාපනය හාර්ට්ලි විද්‍යාලය නියෝජනය...

15 දෙනෙකුට මරු කැඳවූ අනතුර සිදුව ඇත්තේ බස් රථය ජීප් රථයක හැපීමෙන් – ජීප් රියදුරු අත්අඩංගුවට !

ඇල්ල - වැල්ලවාය මාර්ගයේදී ඊයේ රාත්‍රියේ සිදුවූ බිහිසුණු අනතුර...