සිංහරාජ වනන්තරය හරහා මාර්ගයක් ඉදිකිරීමට අවසර දී නෑ – පරිසර ඇමති

0
579

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 04, කොළඹ LNW:

සිංහරාජ වනන්තරය හරහා මාර්ගයක් ඉදිකිරීමට පරිසර අමාත්‍යංශය හෝ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව කිසිදු අවසරයක් ලබාදී නොමැති බව පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැදි මහතා පවසයි.

අමාත්‍යවරයා කියා සිටියේ, රත්නපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට එවැනි යෝජනාවක් ඉදිරිපත් වුවද අදාල යෝජනාව පරිසර අමාත්‍යංශයට හෝ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් වී නොමැති බවයි .

කෙසේවෙතත් එවැනි මාර්ගයක් ඉදිකිරීම සම්බන්ධයෙන් කිසිදු සහායක් ලබා නොදෙන බව පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැදි මහතා කියා සිටියේය.