මහනුවර රාත්‍රී වෙළඳ පොළ සැප්තැම්බර් 13 වන දින සිට නව මුහුණුවරකින්!

කොළඹ LNW: මහනුවර ආලෝකමත් කරමු යන තේමාව යටතේ දියත් කළ මහනුවර රාත්‍රී වෙළඳ පොල මෙම මස 13 වන දින සිට නවමු මුහුණුවරකින් ක්‍රියාත්මක කරන බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතා පවසයි.

සෙනසුරාදා දිනකම ක්‍රියාත්මක වූ මෙම වෙළඳපොල තුළින් සෑම ව්‍යාපාරිකයෙකුටම රුපියල් හැත්තෑදහසකට අධික ආදායමක් හිමිවූ බවත් ඒ තුළින් සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන් සඳහා යහපත් වෙළඳපොලක් නිර්මාණය වූ බවත් ඒ මහතා පැවසුවේය.

ආණ්ඩුකාරය මහචාර්ය එස්.බී.එස්.අභයකෝන් මහතා මෙම අදහස් පළ කරන ලද්දේ මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

එහිදී අදහස් දැක්වූ ඒ මහතා ඉකුත් 13, 20 සහ 27 යන තෙදින තුළ පවත්වන ලද මහනුවර රාත්‍රී වෙළඳ පොල සම්බන්ධ දීර්ඝ සමාලෝචනයක් කළ බවත් එහිදී ඉදිරියට වෙළඳ පොල පැවැත්විය යුතු ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කළ බව ද කීවේය.

ඒ අනුව ව්‍යාපාරික ස්ථාන පුළුල් කිරීම, රාත්‍රී වෙළඳ පොල පවත්වන වීදි, ආහාර ප්‍රමිතිය සහ ප්‍රවාහන පහසුකම් ආදිය තව දුරටත් සමාචෝලනය කරමින් සැප්තැම්බර් මස 13 වන දින සිට අඛණ්ඩව රාත්‍රී වෙළඳපොල පවත්වන බව ඒ මහතා පැවසුවේය. මෙම මස 06 වන දින පැවැත්විමට නියමිත එම පොළ නොපවත්වන බවත් හදුනාගත් අඩු ලුහුඩුකම් සම්පූර්ණ කොට වඩාත් ගුණාත්මක සේවයක් ලබා දිය හැකි රාත්‍රී වෙළඳපොලක් නගරවාසීන්ට උරුම කර දෙන බව ඒ මහතා තව දුරටත් කීවේය.

මහනුවර නියෝජ්‍ය පුරපති රුවන් කුමාර, මහනුවර කලාපීය ආර්ථික සහ‍යෝගීතා ආයතනයේ සභාපති ආනන්ද ස්ටීවන්, මහනුවර සිංහළ වෙළඳ පෙරමුණේ සභාපති යසස් චන්ද්‍රෙසේකර යන මහත්වරුන් ද මෙහිදී අදහස් දැක්වීය.

නදීක දයා බණ්ඩාර – මහනුවර

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...