පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දී තිබුණු තවත් සහනයක් ඉවතට!

Date:

කොළඹ LNW: පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ‘වියත්පුර’ නිවාස ව්‍යාපෘතියෙන් නිවාස මිලදී ගැනීමේ දී ලබාදී තිබූ සහන ඉවත් කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

පසුගිය 2022 මැයි මස 9 වන දින රට තුළ ඇති වූ කලබලකාරී තත්ත්වය හේතුවෙන් නිවාස අහිමි වූ එවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා නාගරික සංවර්ධන අධිකාරිය මඟින් ඉදිකරන ලද වියත්පුර නිවාස සංකීර්ණයෙන් නිවාස ඒකක 101ක් කුලී පදනම මත එක් වසරක කාලයක් සඳහා ලබාදීමට 2022 ජූලි 4 වන දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අනුමැතිය ලබාදී තිබුණු අතර අනතුරුව අනතුරුව එම නිවාස සහනදායි ක්‍රමවේදයක් යටතේ මිලදී ගැනීමට ඔවුන්ට අවස්ථාව ලබාදෙන ලෙස අදාළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ඉල්ලීමක් ඉදිරිපත් කර තිබුණි.

ඒ අනුව රු මි 15.5ක අවම වටිනාකමකට සහ රු මි 22ක උපරිම වටිනාකමකට සාමාන්‍ය ජනතාව වෙත විකුණනු ලබන එම නිවාස ඒකකයක්, අවම වටිනාකම රු මි 13.34ක් ලෙස සහ උපරිම වටිනාකම රු මි 18.21ක් ලෙස අඩුකර සහනදායි ක්‍රමවේදයක් යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත ලබාදීමටත් විකුණුම් මිලෙන් 25%ක මුදලක් පළමුව අය කරගෙන ඉතිරි මුදල වසර 15ක කාලයක් තුළ වාර්ෂිකව 10%ක පොලී අනුපාතයක් යටතේ ඔවුන්ගෙන් අයකර ගැනීමටත් 2024 ජූලි 15 වන දා කැබිනට් අනුමැතිය ලබා දී තිබේ.

මෙම ක්‍රමවේදයට යටත්ව නිවාස මිලදී ගැනීම සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 29 දෙනෙකුට 2024.12.31 දින වනවිට විකුණුම් මිලෙන් 25%ක මුදලක් තැන්පත් කර ඇත.

කෙසේවෙතත් එම සහනදායි ක්‍රමවේදය හේතුවෙන් නාගරික සංවර්ධන අධිකාරියට රු මි 92.126ක පමණ පාඩුවක් විඳීමට සිදුව ඇති අතර ව්‍යාපෘතිය වෙනුවෙන් දරන ලද පිරිවැය ආවරණය කර ගැනීමට නොහැකි වීම හේතුවෙන් වහාම එම සහන ක්‍රමවේදය අහෝසි කිරීමට වත්මන් රජය තීරණය කර ඇත.

ඒ අනුව සාමාන්‍ය ජනතාවට එම නිවාස ලබා ගත හැකි ක්‍රමවේදයටම එකඟවන්නේ නම් අදාළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 29 දෙනාට එම නිවාස ලබාගැනීම සඳහා නව කැබිනට් තීරණයත් සමඟ අවකාශය පවතියි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අතහැර දැමූ ගමන් මල්ලක තිබී රුපියල් විසි කෝටි අනූ ලක්ෂයක් වටිනා කුෂ් මතුවෙයි!

‍රෂිකා හෙන්නායක සැප්තැම්බර් 06 කොළඹ LNW : කටුනායක ගුවන් තොටුපොළ...

මිද්දෙණියේ අයිස් අමුද්‍රව්‍ය හමුවූ ඉඩමේ තිබී අත්බෝම්බ සහ උණ්ඩ හමුවෙලා!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 06 කොළඹ LNW: මිද්දෙණියේ අයිස් අමුද්‍රව්‍ය හමුවූ...

සියඹලාණ්ඩුව “රිවිදනවි” සූර්ය බලශක්ති උද්‍යානයේ ඉදිකිරීම් ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ!

ජාතික පද්ධතියට වාර්ෂිකව ගිගාවොට්පැය 219ක දායකත්වයක් සහිතව , වසර...

වෙනිසියුලාවට එරෙහිව F-35 රහසිගත ප්‍රහාරක ජෙට් යානා යෙදවීමට ට්‍රම්ප් නියෝග කරයි

සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 06: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වෙනිසියුලාව හා...