නිශ්මං රණසිංහ සැප්තැම්බර් 05, කොළඹ LNW:
කරාටේ කණ්ඩායමකට විදේශගත වීමට නොලැබීම සම්බන්ධයෙන් මේ මොහොතේ ඇත්තේ විශාල කලබැගෑණියකි.ක්‍රීඩා අමාත්‍යවරයා ද පණත ප්‍රකාරව බලය පෙන්වමින් කඩුව ලෙලවමින් ඇත.එහෙත් එතුමාට මාධ්‍යකරුවන්ව මුණ ගැසුණ මොහොතේදී මේ ඇතිවන ගැටළුව අමාත්‍යංශය පැත්තෙන්ම විසඳීම වැදගත් බව පෙන්වා දෙමින් ඊට නිලධාරියෙකු යෙදවීම වැදගත් බව කීවේ මේ ලියුම්කරුමය.ක්‍රීඩා විද්‍යායතනයේ අධ්‍යක්ෂවරයාද අතුළුව ක්‍රීඩකයෙක් සහ ක්‍රීඩිකාවක් මැකාවා රාජ්‍යයට බලහත්කාරයෙන් ඇතුළුවීමට තැත් කළ බවට චෝදනා කර ලංකාවට ආපසු හරයා එවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටත් යොමු කර කට උත්තර ලබා ගත්තේ ජාත්‍යන්තර නීතිය අනුවය.එහෙත් ඔවුන් ගොස් තිබුණේ නිල ගමණක්ය.තරගයක් නියෝජනය කරන්නය.

එහි වරද කර තිබුණේ ජාතික ඔලිම්පික් කමිටු ලේකම්වරයා එහ සභාපතිවරයාටත් නොදන්වා එම ගමණට විසා අවශ්‍යය නොවන බව පැවසීමය.එය ද සිදුවිය යුතු චීන සබදතාවයක් සහිතය.එවා ඇති ආරාධනා පත්‍රයේ විසා අනවශ්‍ය්‍ය බව සඳහන් වීම පමණක් අවධානයට ලක් කර ඔලිම්පික් කමිටු ලේකම්වරයා එම තීරණයට පිවිස තිබුණේ සභාපතිවරයාටත් නොදන්වා ය.මෙවැනි කරුණු අත්දැකීම් ලෙස ගනිමින් මේ ලියුම්කරු අමාත්‍යවරයාට පැවසුවේ ඒ සඳහා නිලධාරියෙකු හෝ නිලධාරිණියක නිරන්තර අධිකෂණ කටයුතු සඳහා යොමු කරන ලෙසය.

එයින් අපහසුවට පත්වන්නේ එම සංගමය සහ එම ක්‍රීඩාවට අදාළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පමණක් නොවේය.සමස්ත රටය.ඒ ආකාරයට යාමට නොහැකි වූ විට ශ්‍රී ලංකාව සහභාගි වී නැත යනුවෙන් මිස ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු හෝ පුරවැසියන් කිහිප දෙනෙකුගේ කැත හැසිරීමක් නිසා ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයන්ට තරගාවලිය අහිමි වී ඇති බව කියන්නේ නැත.ඒ නිසා ක්‍රීඩා ඇමතිවරයාටද මේ ලියන මට ද ලාංකිකයන් ලෙස ඒ අවමානයේ කොටසක් අත්විම සාමාන්‍ය දෙයකි.තවත් අතකින් ක්‍රීඩාව පාලනය කරන ආණ්ුවේ මාහාජිකයන් ලෙස මේ අපකිර්තියේ කොටසක් ක්‍රීඩා අමාත්‍යංශයට සහ එහි පාළකයන්ට පැමිණෙන්නේය.ආණඩුවට ද එල්ල වන්නේය.මේ ඇත්ත තේරෙම් ගෙන අමාත්‍යංශ මට්ටමෙන් නිලධාරියෙකු නැත්නම් පාලන අංශයට සම්බන්ධ කර වෙනම අංශයක් හෝ පිිහිටුවාලිීම වැදගත්ය.

අමාත්‍යවරයා නිලධාරීන්ට පියවර ගැනිම.පරිපාලනය විසුරුවා හැරීම ආදී කරුණු ගණනාවක් මේ සම්බන්ධයෙන් කිරීමට පියවර ගෙන ඇත.එය වැදගත්ය.ඉක්මණින් ක්‍රියාත්මක වීම ඊටත් වඩා වැදගත්ය.අගය කළ යුතුය.එක් අයෙකුගෙන් රුපියල් තුන් ලක්ෂ අසූ දහසක් වැනි මුදලක් ලබා ගත් බස්නායකට එරෙහිව නීතිය හමුවට යා යුතුය.මුදල් වංචාවට වඩා විශ්වාසය කඩ කර සහ රට අපකීර්තියට පත් කිරිමට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතුය.ජාත්‍යන්තර කරාටේ සංවිධානයට කරුණු වාර්තා කළ යුතුය.ඒ ගැන අපේ කිසිඳු විරෝධයක් නැත.එකෙන්ම එකඟය.
එහෙත් මෙවැනි සිඳුවීම් කරටේ ක්‍රීඩාවේදී පමණක් නොව තවත් ක්‍රීඩාවලදී ද සිඳුවන්නේය.සිඳු වි ඇත.ඊට මැදිහත්වීමට සහ කාර්යයන් අධික්ෂණය කිරීමට සහ කඩිනම් කිරීමට මෙහෙයුම් යාන්ත්‍රණයක් අමාත්‍යංශය පැත්තෙන් ඇති විය යුතුය.බල්ලා ලිහා දමා හපා කෑමෙන් පසු ඌව මරා දැමීමට පෙර බල්ලාගෙන් ආරක්ෂාවීමට පියවර ගැනීම වැදගත්ය.එහෙම අංශයක් නිලයක් වගකීමක් මෙහි නැත කියා කීම නිදහසට කරුණක් නොවන්නේය.එය ඇති කළ යුතු අඩුපාඩුවක් ලෙස තේරුම් ගෙන ක්‍රියාත්මකවීම සිඳුවිය යුතුය.
ක්‍රීඩා අමාත්‍යවරයා මීට පෙර ඉහළින්ම වර්ණනා කරන ලද සංගමයක් ලෙස කරාටේ සංගමය හැදින්විය හැකිය.එහි බොහෝ දේ සඳහා අමාත්‍යවරයා සහභාගි විය.ඇගවීම් කළේය.නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩ භාරගත් දවසේම කරාටේ කණ්ඩායමක් විදෙස් ගත විය.එදා මේ ආණුඩ්වේ ක්‍රීඩාව ගැන අමාත්‍යවරයා ගැන නියෝජ්‍ය අමාත්‍යවරයා ගැන කළ වර්ණනා අපූරුය.විශිෂ්ඨය.කරාටේ පාළකයන් ජවිපෙ පූර්ණාකලීන සාමාජිකයන් ලෙස කටයුතු කළ පිරිසක් තරමට නව ආණ්ඩුව පත්විමෙන් උද්දාමයට පත්ව අදහස් දක්වන බවක් පෙණින.
මේ සිඳුවිම තුළ නියෝජ්‍ය අමාත්‍යවරයාගේ පෞද්ගලික කාර්යමණ්ඩලයට අයත් හිතවතෙකුට කිව්වේ මේවා කපුටා සහ කේජු කෑල්ල සිහිපත් කරන බවය.දැන් කෙසේ හෝ කපුටාගේ කේජු කෑල්ල වැටී ඇත.මේ උණුසුම සහ විරෝධය එබැවින්ය.නරියන්ගෙන් ප්‍රශස්ති ඇසීමට ප්‍රිය නොකරන කපුටෙකු නොවුණොත් කපුටාට කවදාවත් කේජු කන්නට නොවනු ඇත.
අමාත්‍යවරයාගේ විලාසිතාව අතුරු කමිටු කාර්ය සාධන බලකා ලෙස ඉදිරිපත් කිරීමය.එය විසඳුම වන්නේ තාවකාලකිවය.එහෙත් විගණන වාර්තා ආදි සියල්ල නිරීක්ෂණය කරන පරික්ෂා කරන අතර විදේශ සංචාර නිසා නිතර ඇතිවන ගැටළුවට විසඳුමක් ලෙස අමාත්‍ය ඇතුළතින් හැමදාටම පවතින අධීක්ෂනයක් ඇති කිරීම වැදගත්ය.පහතින් දැක්වෙන් අමාත්‍යවරයාගේ වචන විලාසිතාවට අනුව නම් කරන ලද කාර්ය සාධන බලකාය ය.
- විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති, එම්. එච්. මාර්සෝ – සභාපති
- ජාතික ඔලිම්පික් කමිටුවේ නියෝජිත, නිලූක කරුණාරත්න සාමාජික
- විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, ආර්. එම්. එල්. එන්. බණ්ඩාර සාමාජික
- පී. උපුල් අබේවික්‍රම සාමාජික
- නීතිඥ එම්. එච්. ආනන්ද කුමාර සාමාජික
